5 ශ්‍රේණියේ දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කළ පාසල් මුරකරු අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-03

5 ශ්‍රේණියේ දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කළ පාසල් මුරකරු අත්අඩංගුවට

කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙකු විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා වෙත ලිපියක් මගින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මගින්, පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්, එම පාසලේ මුරකරු ( අවු.39 ) අත් අඩංගුවට ගෙන, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එහිදී දැරියන් ප්‍රකාශ කර ඇත්තේ මෙම මුරකරු විසින් තමන්ව බදා ගැනීම, පපුව මිරිකීම හා ඇඟපත අත ගෑම යන ක්‍රියාවන් සිදු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිතුමන්ගෙන්, ගුරුවරුන්ගෙන් හා දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
 
වින්දිත දැරියන් හා සැකකරු වෛද්‍ය පර්යේෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරු බාල වයස්කාර දැරියන් තිදෙනාට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ (සංශෝදන) පනතේ 05 වන වගන්තියෙන්  සංශෝධිත 345 වන වගන්තිය යටතේ, නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති N. කදිරගාමර්, උ.පො.ප. සෝමසිරි, පො.සැ. (48830) විමලසේන, කා.පො.කො. (10549) මධුවන්ති, කා.පො.කො. (10770) ලක්මාලී යන නිලධාරී මහත්ම මහත්මීන් විසින් මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සිදු කර තිබේ. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages