හිතුමතේ වාහන මිල උස්සන සේල් කාරයින්ට පාඩමක් – වාහන මිල පාලනයට රජයෙන් මිල සූත්‍රයක්! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-06

හිතුමතේ වාහන මිල උස්සන සේල් කාරයින්ට පාඩමක් – වාහන මිල පාලනයට රජයෙන් මිල සූත්‍රයක්!

වාහන ආනයනය තහනම් කිරීමත් සමග අලෙවිසැල්වල ඇති ඒවා අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබීම හේතුවෙන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලැසුම් කර තිබේ.

ඊට අමතරව මිල පාලනයක් ඇති කර පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒවා පරික්ෂා කිරීමට ද තීරණය කර ඇත.

ඒ අනුව ණයවර ලිපි (LC) ආරම්භ කළ දින සිට වාහනවල වැඩිවන මිල ගණනක් එකතු කර වෙළෙඳාසැලේ ඇති කාලයට වාහනයේ මිල සඳහා පොළියක් එකතු කර උපරිම මිලක් යටතේ අලෙවි කළ හැකි මිල තීරණය කිරීමට සැලැසුම් කර ඇත. බටහිර රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

චමින්ද සේනාරත්න



from රට තොට – Colombo Tribune https://ift.tt/3jTxldw
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages