නයෝමි පළමු කඩුල්ල පනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

නයෝමි පළමු කඩුල්ල පනී

කොවිඩ් වසංගතයෙන් පසු ආරම්භ වූ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලිය වන අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු තරගයෙන් සිය රටේහිම ප්‍රතිවාදී ක්‍රීඩිකා මිසාකි ඩොයි 6-2ක්, 5-7ක් සහ 6-2ක් ලෙස පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ජපානයේ සුපිරි ක්‍රීඩිකා නයෝමි ඔසාකා සමත් වූවාය.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දෙකකට හිමිකම් කියන නයෝමි වසර 2018 දී අමෙරිකානු විවෘත ටෙනිස් ශූරිය වන අතර, මෙවර තරගාවලියේදී

 

කුසලානය හඹා යන ක්‍රීඩිකාවන් අතර ඉදිරිපෙළ පසුවන්නිය.

මේ වනවිට ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි තැන පසුවන 22 හැවිරිදි නයෝමිගේ ඉවසීම පරීක්ෂා කළ බැලූ මිසාකි දෙවැනි වටය ජයගනිමින් තරගය 1-1කින් සමකරගැනීමට සමත් වූව ද තුන්වැනි වටයේදී ඇය අභිබවා යාමට අසමත් වූවාය.

140 වැනි වරටත් පැවැත්වෙන අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පළමු දිනය වූ පෙරේදා බොස්නියානු ක්‍රීඩක ඩමීර් සුම්හර් පරාජය කිරීමට ලොව අංක එකේ ක්‍රීඩක සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් සමත් විය

No comments:

Post a Comment

Post Bottom Ad

Pages