දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් යළිත් ඉන්දියාවෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-12

දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් යළිත් ඉන්දියාවෙන්

දෛනිකව වාර්තාවන ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවතත් ඉන්දියාවෙන් වාර්තා වී ඇත.
 
ඊයේ දිනයේ දී එරටින් ආසාදිතයන් 97,654ක් සොයා ගැනුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙතෙක් ලොව වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව මෙයයි. මීට පෙර ඉන්දියාවෙන්ම ලොව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණද, එම සංඛ්‍යාව අභිබවා ඊයේ දිනයේ නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.
 
ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවේ සිදුවූ නව මරණ සංඛ්‍යාව 1,202කි. මේ වන විට පුද්ගලයන් 77,000කට වැඩි පිරිසක් වෛරසය හේතුවෙන්, ඉන්දියාව තුළ මියගොස් තිබේ. සමස්ත වශයෙන් 46 57,000කට වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වන ඉන්දියාව, ලොව කොරෝනා වසංගත අවදානමේ දෙවැනි රට බවට පත්ව ඇත.
 
තවමත් වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ, අමෙරිකාවෙනි. එම සංඛ්‍යාව 66 36,000 ඉක්මවා තිබේ.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages