‍ඉන්දි‍යාවේ හිටපු ජනපති ප්‍රණාබ් මුකර්ජිගේ අභාවය වෙනුවෙන් රාජ්‍ය නායකයෝ සොව පළ කරති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

‍ඉන්දි‍යාවේ හිටපු ජනපති ප්‍රණාබ් මුකර්ජිගේ අභාවය වෙනුවෙන් රාජ්‍ය නායකයෝ සොව පළ කරති

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රණාබ් මුඛර්ජිගේ අභාවය වෙනුවෙන් ලොව පුරා නායකයෝ සොව පළ කරති. ඉන්දියාවේ ඉහළම සම්මානය වන භාරත් රත්න සම්මානයෙන්ද පිදුම් ලැබූ ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි 2012 සිට 2017 දක්වා ඉන්දියාවේ ජනාධිපති ධුරය වැඩ හෙබවූවේය. එරට හිටපු 13 වැනි ජනාධිපතිවරයා වන ප්‍රනාබ් මුකර්ජී මිය යන විට ඔහු 84 වැනි වියේ පසු විය.

ඔහුගේ අභාවය වෙනුවෙන් ඉන්දීය කැබිනට්ටුව විනාඩි දෙකක නිශ­්ශබ්දතාවක් පවත්වා ශෝක ප්‍රකාශයක් නිකුත් කර ඇත. “ප්‍රණාබ් මුකර්ජි තවදුරටත් අප අතර නැත. ඔහු සියලු දෙනා එකමුතුව තබා ගැනීමේ සමතෙකි. ඔහු බලයේ සිටි අවස්ථාවේ නිතරම විරුද්ධ පක්ෂය සමඟ සමබරව කටයුතු කළේය. ඔහු විපක්ෂයේ සිටින අතරතුර සෑම

විටක්ම සිය ඵලදායී භූමිකාව අත්හළේ නැත“ යනුවෙන් ඒ නිවේදනයේ සඳහන් විය.

මුකර්ජි අගමැතිවරයා ඉන්දියාවේ සංවර්ධනයේ නොමැකෙන සලකුණ යැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශෝක ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ මුකර්ජි දේශපාලන විශාරදත්වයෙන් යුත් විශිෂ්ටයකු සහ උසස් රාජ්‍ය තාන්ත්‍රිකයකු බවත් දේශපාලන ලෝකයේ සහ මහජනතාවගේ ගෞරවය දිනාගත් අයකු බවත් ය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද මේ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර සිටියේය. ඔහුගේ දීර්ඝ කාලීන දේශපාලන දිවියේ දී සැමදෙනාගේ නිසි ගෞරවයට පාත්‍ර වූ අතර අන්තර්ජාතික කටයුතුවලදී ඉහළ පිළිගැනීමකට ලක් වූ බව එහි සඳහන් වේ. රුසියාවේ සැබෑ මිත්‍රයකු ලෙස රටවල් දෙකේ සම්බන්ධය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් පෞද්ගලිකවම දැක්වීම ගැන ද පුටින්ගේ ප්‍රශංසාව ලබා දී තිබිණි.

නේපාල ජනාධිපති බිධ්‍යා දේවි භන්ධාරි ද ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් තමන්ට සිටි හොඳ මිතුරකු අහිමි වූ බව කියා තිබේ. බංග්ලාදේශයේ අගමැති ශීක් හසීනා ද ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉන්දියාවේ වත්මන් විපක්ෂ නායක චන්ද්‍රබාබු නායිදු, උප ජනාධිපති වෙන්කයියා නායිදු, ලෝක් සභා කථානායක ඕම් බිර්ලා, ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං, රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි, හිටපු අගමැති මන්මෝහන් සිං, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු රජයේ සහ විපක්ෂයේ විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරයාට අවසන් බුහුමන් දක්වා ඇත.

ප්‍රණාබ් මුකර්ජිගේ දේහය අංක 10, රාජාජි මාර්ග් යන ස්ථානයේ පිහිටි ඔහුගේ නිවෙසේ තැන්පත් කර තැබුණු අතර, ඊයේ (01දා) ප.ව. 2.30ට ලෝදි රෝඩ්යි පිහිටි ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages