වැටුප් වෙනුවට සේවකයන්ට හෙරොයින් ලබාදුන් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-30

වැටුප් වෙනුවට සේවකයන්ට හෙරොයින් ලබාදුන් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට!

තමන් යටතේ සේවය කරන පිරිසකට වැටුප් වෙනුවට හෙරොයින් ලබා දී සේවය ලබා ගත් ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

අතුරුගිරිය පොලීසිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි මේ පිළිබඳව තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

පසුගිය දිනක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මත සිදුකළ විමර්ශනයකදී එම පුද්ගලයාගේ මව ද හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

පසුව ඊයේ (28) එම කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා ද හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඔහු මාළඹේ 10 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 500 ක් සොයා ගෙන තිබුණා. මීට අමතරව, හෙරොයින් ප්‍රවාහනයට යොදා ගත් බවට සැකකෙරෙන ලොරි රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. ඒ අනුව, දැනට එකම පවුලේ මව සහ ඇයගේ පුත්‍රයන් දෙදෙනෙකු මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අබලි යකඩ එක්රැස් කරන ව්‍යාපාරවල නිරත වී ඇති අතර, එහි සේවය කරන පිරිස් වෙත වැටුප් වෙනුවට හෙරොයින් ලබාදී ඇති බවටයි පසුව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.



from රට තොට – Colombo Tribune https://ift.tt/2ELqZxR
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages