බන්ධනාගාර නිල වෙබ් අඩවියට නව මුහුණුවරක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

බන්ධනාගාර නිල වෙබ් අඩවියට නව මුහුණුවරක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.prisons.gov.lk, නව මුහුණුවරකින් විවෘත කිරීම බන්ධනාගාරප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අතින් පසුගිය දා විවෘත විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාර පද්ධතිය පිළිබඳවත්, ඒ සම්බන්ධ පුවත් තොරතුරු සහ සේවාවන් පිළිබඳවත් නිවැරදිව තොරතුරු ලබාගත හැකිවන පරිදි මෙම www.prisons.gov.lk වෙබ් අඩවිය නවීකරණය කර ඇත.

මේ ඔස්සේ මහජනතාවට සෘජුවම සම්බන්ධවීමට හැකිවන අතර බන්ධනාගාර සම්බන්ධව මහජනතාවට ඇති පැමිණිලි ද ඉදිරිපත් කිරීමට පහසුකම් සකසා ඇත.

බන්ධනාගාරප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, කොමසාරිස් (පුනරුත්ථාපන හා පාලන) චන්දන ඒකනායක, කොමසාරිස් (බුද්ධි හා මෙහෙයුම්)ටී.අයි උඩුවර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

 

බුද්ධිකා ඉඹුලාන

No comments:

Post a Comment

Post Bottom Ad

Pages