ඉතා කෙටි කලකින් ශ්‍රී ලංකාවෙන්මත්ද්‍රව්‍ය තුරන් කරනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

ඉතා කෙටි කලකින් ශ්‍රී ලංකාවෙන්මත්ද්‍රව්‍ය තුරන් කරනවා

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

ඉතාම කෙටි කලකින් ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරනවා යැයි ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරනය කරයි.

පසුගිය දා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු පරිශ්‍රයේදී යුධ හමුදා පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා වැඩි දුරටත් මෙසේද කීහ.

''ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවත්,වර්ණ රෙජිමේන්තුවත් ,පාබල රෙජිමේන්තු අතර ප්‍රබලතම රෙජිමේන්තුව තමයි ගජබා රෙජිමේන්තුව. හමුදාවලට පුහුණුවීම් අත්‍යාවශ්‍යයි. අද දින පුහුණුවීම් කලාපයක් විවෘත කළා. මෙම පුහුණු වීම් මධ්‍යස්ථාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ අලුතින් බඳවා ගත් උපාධිධාරීන් 500ක් පුහුණු කිරීමට යොදා ගන්නා අතර, ඉන් පසු යුධ හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් ප්‍ර යෝජනය සදහා යොදවා ගැනීමට නියමිතයි. අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් 10000ක් යුධ හමුදා යටතේ පුහුණුව ලබනවා. ගජබා රෙජිමේන්තුවේ 500ක් පුහුණුවීම් ලබනවා. යුධ හමුදාව අති විශිෂ්ඨ සේවා රට වෙනුවෙන් සිදු කරනවා. යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව පොළීසියේ සහාය ද ඇතිව ලංකාව පුරා ඇති මත්ද්‍රව්‍ය වැටලීම් මේ දිනවල නොකඩවාම කරගෙන යනවා. මෙතෙක් ඉතිහාසයේ කවරදාවත්ම නොකළ වැටලීම් රාශියක් මේ වන විට සිදු කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍ය කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනා සමග පොළිස්පතිතුමා එක්ව මේ කටයුතු සිදු කරනවා. ජනාධිපතිතුමා අපට මේ වගකීම භාර දී තිබෙනවා. රටක් වාගේම ජනතාව සෑහීමකට පත් කරවන වැටලීම් සිදු කර ඇති අතර, ඉදිරියටත් නෙකඩවාම එම වැටලීම් සිදු කරනවා. අනිවර්යයෙන්ම මේ රටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරනවාමයි.මේ වැටලීම් සඳහා ජනතාව දෙන සහයෝගය ඉතාම අගය කරනවා. මව්පියන් දෙන සහයෝගයත් හරිම වටිනවා.

අපි දින 50ක් ඇතුළත මුළු ලෝකයම ගිලගත් මහා වසංගතය කොවිඩ් පාලනය කිරීමට අපට හැකිවුණා. ජනතාව කොවිඩ් හැදුනේම නැති රටක් වගේ ඒ සියල්ල අමතක කර සිටිනවා. විදෙස් රටවලින් දිනපතාම කොවිඩ් ආසාධිතයන් ලංකාවට ගේනවා. විදෙස් රටවල රැකියාවලට ගොස් සිටින ඒ සියළු දෙනාම අප රටට ගෙන්වා ගන්න ඕන. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වන්තුළ නීරෝධායන මධ්‍යස්ථාන 71 ක් තුළ 7576 දෙනෙකු සිටිනවා. තවමත් රෝගීන් රෝහල් වල සිටිනවා. විදෙස් රටවලින් ගෙන්වා ගැනීම ඉතාම පරිස්සමින් කළ යුතුයි. එය ක්‍රමානූකූලව කරන්න ඕන. ඒ ගේන අය රැක බලා ගන්න ඕන. පහසුකම් සපයන්න ඕන. කොවිඩ් රට පුරා නැවත පැතිරෙන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනාම පරිස්සම් වන්න ඕන. ආරක්ෂක ක්‍රමවේද සහ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම ජනතාව පිළිපදින්න ඕන. රටේ ජනතාවට බෝවීම වළක්වා ගන්න සියළු දෙනාම සහයෝගය දෙන්න ඕන. ඉදිරි කාලය තුළ ඉතාම පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඕන. අද මෙම විවෘත කළ මධ්‍යස්ථානයේ ඇඳන් 500ක් සහිත අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්''.

මෙම අවස්ථාවට සාලියපුර ගජබා රෙජිමේන්තු ප්‍රධානී ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයන්වල සේවය කරන රණවිරුවන් සහභාගී වූහ.

සටහන - චිත්‍රාරත්න කළුආරච්චි -

හිදෝගම සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages