මුහුද රළු විය හැකියි - ධීවරයින්ට අනතුරු ඇඟවීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-06

මුහුද රළු විය හැකියි - ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ හෙට දහවල් 12 දක්වා ධීවර කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කරයි.
 
අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩා හා එක්දින යාත්‍රාවලින් ධීවර කටයුතු සඳහා යන ධීවරයන් මේ පිළිබඳ විශේෂ අවධානය යොමුකළ යුතු බවයි.
 
මේ අනුව දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි නිසා ධීවර ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කල යුතු බව දැනුම් දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages