මාතර අප ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අගමැති එක්වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-06

මාතර අප ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අගමැති එක්වෙයි

 
මාතර අප ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ  “වාර්ෂික මංගල්‍යය - 2020“ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(05) එක් විය.
 
අග්‍රාමාත්‍යතුමා, මෙම වාර්ෂික මංගල්‍යයට එක්ව සිටි ආගමික නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සුහද කතාබහක ද නිරත විය.
 
ගාල්ල මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක පොල්හේන පුරාණ විහාරාධිපති බද්දේගම කුසල නාහිමි, ගාල්ල රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය රේමන් වික්‍රමසිංහ රදගුරුතුමා, කුරුණෑගල රදගුරු දේවධර්මාචාර්ය හැරල්ඩ් ඇන්තනී රදගුරුතුමා, ගාල්ල රදගුරු පදිවි අනුනායක චාර්ල්ස් හේවාවසම් පියතුමා, මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ පරිපාලක මයිකල් කොලින් පියතුමා ඇතුළු පියතුමන්ලා, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වීරසුමන වීරසිංහ, කාවින්ද ජයවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages