ගමින්-ගමට, ගෙන්-ගෙට ගොස් බාල-තරුණ-මහලු සැමගේ දුක සැප සොයන නිරිඳාණෝ! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

ගමින්-ගමට, ගෙන්-ගෙට ගොස් බාල-තරුණ-මහලු සැමගේ දුක සැප සොයන නිරිඳාණෝ!

ජනපති ගම සමඟ පිළිසඳරක්  වැඩසටහනට රටම සූදානමින්

ගමින් ගමට යමින් ජනතාව මුණ ගැසී ඔවුන් මුහුණ පා සිටින ගැටලු සෘජුව හදුනාගෙන නොපමාව විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් ආරම්භ කළ “ජනපති ගම සමඟ පිළිසඳරක් “සාකච්ඡා මණ්ඩපය බදුල්ල හල්දුම්මුල්ලේ දී පසුගිය 25 වැනි දා ආරම්භ කෙරිණි. එහිදී ජනතාව තමන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයාට ඉදිරිපත් කළහ.

හල්දුම්මුල්ල ගම්මානය බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත් වෙලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මානය ලෙසත් සැලකේ. ජනපති ගම සමඟ පිළිසඳර සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡා මණ්ඩලපයෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රදේශයේ නිවෙස් කිහිපයකට ද ගොස් තොරතරු විමසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages