ජනපතිගෙන් ඉල්ලීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-01

ජනපතිගෙන් ඉල්ලීමක්

පෞද්ගලික උත්සව සඳහා ඇරයුම් නොකරන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වය දී තිබේ.

ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවනට සහභාගිවීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එතුමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඇති ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝ දෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවනට එක්වන ලෙස එතුමාට ඇරයුම් කරති. ජනතාව තමා කෙරෙහි ඇති මේ බැඳීම එතුමා මහත් සේ අගය කරයි.

එසේ වුවද නිල කටයුතුවලින් බැහැර තමාට ලැබෙන හැම පැයක්ම ජනතාවගේම අභිවෘද්ධිය පිණිස කැප කිරිමට ජනාධිපතිතුමා අදිටන් කරගෙන සිටී යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages