වැසි තත්ත්වයේ වැඩිවීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-06

වැසි තත්ත්වයේ වැඩිවීමක්

 
අද (06) දිනයේ දී දිවයිනේ, වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.
 
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින්ම පවති.
 
ඒ අනුව අද (06) දින දහවල් 12:09 ට බෙන්තොට, මීගම, දොඩම්පපිටිය පැලවත්ත, බොඩගම සහ කතරගම ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages