රටේ සම්පත් ආරක්ෂා කිරීමට ජනතාව පෙරමුණ ගත යුතුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

රටේ සම්පත් ආරක්ෂා කිරීමට ජනතාව පෙරමුණ ගත යුතුයි

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

 

වත්මන් රජය බලයට පත් වූ දා සිට දිනකට අක්කර 7 බැගින් රට විනාශ කර ඇති බවත්, පක්ෂ දේශපාලයෙන් ඔබ්බට ගොස් රටේ සම්පත් ආරක්ෂා කිරීමට සියලු පුරවැසියන් පෙරමුණ ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ වර්තමානයේ සිදුවෙමින් පවතින මහා පරිමාණ වන විනාශය සහ පරිසර විනාශයට එරෙහිව තරුණ ප්‍රජාව බලමුළු ගැන්වීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ සංවිධානය කළ 'පරිසර හඬ' විශේෂ වැඩසටහන පසුගිය දා (26) කොළඹ දී පැවැත්වුණු අවස්ථාවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා- ඉවක් බවක් නැතිව කරන වන විනාශය හමුවේ වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ පුරවැසියාටයි. පරිසරය විනාශ කරමින් සිදු කරන සංවර්ධනය විනාශකාරීයි. තරුණ පරපුර පරිසර විනාශයට එරෙහිව ඉදිරියට පැමිණීම සතුටු විය යුතුයි.

ජනාධිපතිවරයා පවා දැනුවත්ව ගෙන යන පරිසර විනාශයට එරෙහිව දේශපාලන භේදයෙන් තොරව සියලු පාර්ශ්ව එකට එක් වී කටයුතු කළ යුතුයි.

පරිසර විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය

ද මෙහිදී අදහස් දැක්වූවාය.

මෙම වැඩසටහනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, සන්දිත් සමරසිංහ, ජාතික යොවුන් පෙරමුණේ ලේකම් දර්ශන බ්‍රාහ්මණ, භාණ්ඩාගාරික දුමින්ද ආටිගල යන මහත්වරුන්, පරිසරවේදීන්, ජාතික යොවුන් පෙරමුණේ සමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

 

 

මැද කොළඹ සමූහ

ආරියරත්න ගනේගොඩ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages