කලා ක්ෂේත්‍රයේ අය කෝ? ටෙනිසන් කුරේගේ ඇඳ ලග හිටපු හැමෝම ඇහුවා.. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

කලා ක්ෂේත්‍රයේ අය කෝ? ටෙනිසන් කුරේගේ ඇඳ ලග හිටපු හැමෝම ඇහුවා..

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූ අතර පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.

කෙසේ වෙතත් අසනීප තත්වයෙන් රෝහල්ගත කර සිටි ටෙනිසන් කුරේ මහතා පිළිබඳ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින්තිබෙනවා.මේ එම සටහනයි.

මම පෙරෙදා දින රෝහලට යන විට එතුමා රෝහලේ ඇද මත් සිටිනවා දුටුවා. මේ ඔහුමද කියා ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මා ඔහු වෙත ගිය. කුඩා දරුවෙකු මේන් වැහැරි ගිය ශරීයෙන් එතුමා මා දෙස බලා සිනාසුනා. මා දුටුදේ අදහා ගැනීමට මටම නොහැකි උනා.එතුමා රෝගී බව දැන ගත් මුත් මෙලෙස සිටියැයි මම හීනෙකින් වත් සිතුවේ නැත. මම ඔහු ලගට ගොස් ” සර් කවුරුත් ආවේ නැද්ද” කියා විමසුව එවිට ඔහු පිලිතුරු දුන්නේ ” දුව එනව බලන්න දරුවෝ “කියා එවිට “ඔයාලග චිත්‍රපට සංගමයක් එහෙම නැද්ද ඔබතුමාව බලන්න” කියා විමසුවා එවිට එතුමා කියා සිටියේ ” මම කාගෙන්වත් උදව් බලාපොරොත්තු නෑ . මම එයාලට කරනව විතරයි “කියා . එතුමාව දුටු විට මට ඇස් වල කදුලු පිරිගියා. .

කලාව පැත්තෙන් එතුමාට පුළුවන් උපකාරයක් කරන්න තිබ්බා මුදල් අවශ්‍යය නැති උනත් නැති උනත් ඔහු සමග ගිහින් එක වචනයක් කතා කරන්න තිබ්බා. ඒ වෙලාවේ එතුමා ලගට ගිහින් කතා කරලා එතුමට හයියක් වෙන එක දුරකථනයෙන් කතා කරාට කරන්න බෑ . මම දැකපු විදියට මේ ශෝකේ ප්‍රකාශ කරල post දාන ගොඩක් අය කරන්නෙ බොරුව. මේ කලාවේ අයට කියන්න. මොකද එතුමා ගොඩක් කලා කරුවන් සමග වැඩ කරලා තියනවා.එතුමාව දැකපු එතුමාගෙ ඇද ලගම හිටපු හැම මනුස්සයෙක්ම ඒක ඇහුවා. මොන දේ උනත් අපි හැමොම එතුමාට නිවන් සුව පතනවා – මාශා ලක්ෂානි



from රට තොට – Colombo Tribune https://ift.tt/3jclbw9
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages