ගිනි ගත් නෞකාවේ සේවකයෙකු මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-04

ගිනි ගත් නෞකාවේ සේවකයෙකු මරුට

සංගමන් කන්දට ආසන්නයේ මුහුදේදී සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
මේ සඳහා ඉන්දීය නාවික හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායම් දැවැන්ත මෙහෙයුමක නිරත වෙයි.
 
ගින්න නිවීම සඳහා අදාළ නෞකාව අයත් සමාගමේ නෞකාවක් ද එම ස්ථානයට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.
 
ගිනි ගනිමින් ඇති New Diamond තෙල් නෞකාවේ බොයිලේරුවේ සේවය කළ අයෙකු මියගොස් ඇති බවට වාර්තා වන බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාව  ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් සහ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70,000 ක පමණ ප්‍රවාහනය කරමින් තිබුණේ කුවේටයේ සිට ඉන්දියාව දක්වායි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages