මෙරටට කොවිඩ් තත්ත්වය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-30

මෙරටට කොවිඩ් තත්ත්වය

ඊයේ (29) හමුවූ ආසාදිතයින් 11 දෙනාද සමගින් මෙරටදී මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3374 දක්වා ඉහළ ගොස්  ඇත.
 
විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ (29) දිනය තුළ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි
 
ඕමාන් හි සිට පැමිණි 07 දෙනෙකු ජර්මනිය, ලෙබනනය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු බැගින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
 
මෙරට තවදුරටත්  නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 131 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.
 
මේ අතර විදෙස් රටවල් තුනක සිට ශ්‍රී ලාංකිකයින් 339 දෙනෙකු අද (30) අළුයම දිවයිනට පැමිණ තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages