මාලි සංක්‍රාන්ති ආණ්ඩුවට නව ජනාධිපතිවරයෙක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

මාලි සංක්‍රාන්ති ආණ්ඩුවට නව ජනාධිපතිවරයෙක්

චන්න සංජීව මාලි සිට

මාලි රාජ්‍යයේ මිලිටරි ජුන්ටාව, දේශපාලන පක්ෂ, සිවිල් සමාජය, සන්නද්ධ කණ්ඩායම්, සම්ප්‍රදායික නායකයන්, ආගමික සහ ඩයස් පෝරාවේ නායකයන් අතර මාසයකට වැඩි කාලයක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි මාස දහ අටක සංක්‍රාන්ති ආණ්ඩුවට ජනාධිපතිවරයකු පත් කරගැනීමට හැකි වී තිබේ. හිටපු ආරක්ෂක ඇමැති බහ් න්ඩාඕ සහ මහජනතාව ගලවා ගැනීමේ ජාතික කමිටුවේ සභාපති කර්නල් අස්සිමි ගොයිටා සංක්‍රාන්ති ආණ්ඩුවේ ජනාධිපති සහ උප ජනාධිපති ලෙස මේ අනුව පත් කර ගැනිණි. කර්නල් අස්සිමි ගොයිටා මේ බව සඳහන් නිවේදනය එරට ජාතික රූපවාහිනියෙන් ප්‍රකාශ කළේය.

මේ නිවේදනයට අනුව සංක්‍රාන්ති ආණ්ඩුවේ මේ තනතුරු සඳහා තෝරාගෙන ඇත්තේ සිවිල් නියෝජිතයන් සහ හමුදා නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මඟිනි.

නායකයන් දිවුරුම් දීම සැප්තැම්බර් 25 වැනි දා පැවැතිණි. මේ තීරණය ගනු ලැබුවේ රාජ්‍ය නායකයන් සහ බටහිර අප්‍රිකානු ආර්ථික හවුලේ රටවල්වල ආණ්ඩු නායකත්ව මණ්ඩලයේ ඉදිරි පෙළ තනතුරුවලට සිවිල් වැසියන් පත් කරන ලෙස ඉල්ලා සිටීම නිසාය.

මේ එකඟතාව ඇති වූයේ නයිජීරියාවේ හිටපු ජනාධිපති ගුඩ්ලක් ජොනතන්ගේ මැදිහත්වීමෙන් සියලු පාර්ශ්ව හමු වී ඇති කළ සාම වෑයමේ ප්‍රතිඵලයක් ලෙසයි. බටහිර අප්‍රිකානු ආර්ථික සංවිධානය මේ නව පත්වීම් ගැන තවමත් නිල වශයෙන් ප්‍රතිචාර දැක්වූයේ නැත.

මේ හිටපු නායක ඊබ්‍රහිම් බවුබකර් කෙයිටාගේ පුතා වන බවුබකර් කෙයිටා නිවාස අඩස්සියේ රඳවාගෙන සිටින මිලිටරි ජුන්ටාව මානව හිමිකම් උල්ලංඝනය කරන බව මානව හිමිකම් සංවිධාන පවසයි. ඔහු සිය පියා සමඟ මේ නිවසේ ජීවත්විය. මේ අර්ථයෙන් මානව හිමිකම් සංවිධාන මිලිටරි ජුන්ටාවට චෝදනා එල්ල කරයි.

හිටපු නායකයාට ඉල්ලා අස්වන ලෙස පවසමින් විරෝධතා දැක් වූ විපක්ෂය සමඟ ජුන්ටාවේ අදහස් පෑහෙන්නේ නැත. කරුණු මේ ආකාරයෙන් සිදු වන විට ඒ සම්බන්ධයෙන් ප්‍රංස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එක්සත් ජාතීන්ගේ සමුළුව හමුවේ අදහස් දැක්වීය. ප්‍රංස නායකයා කීවේ මාලි ජුන්ටාව සම්පූර්ණයෙන්ම සිවිල් නියෝජිතයන්ට බලය පවරා ඉක්මනින්ම මැතිවරණයක් පැවැත් වීමට ඉඩ දිය යුතු බවයි.

පරිවර්තනය -

බුද්ධි කරුණාරත්න

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages