ධීවරයන්ට නිවේදනයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-11

ධීවරයන්ට නිවේදනයක්

මෙම දිනවල පවතින ක්ෂණික වෙනස් වන කාලගුණ තත්ත්වය යටතේ මුහුදු යාමට පෙර කාලගුණ අනාවැකි පිළිබදව දැඩිව අවධානය යොමු කරන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ධීවර කාර්මිකයන්ට දන්වා සිටීයි.
 
එමෙන්ම ධීවර යාත්‍රාවක් මුහුදු යාමට  පෙර එම යාත්‍රාවේ කාර්මික තත්ත්වය,ඉන්ධන ,ශක්තිමත් බව ආදිය   ගැන සැළකිලිමත් වීම මෙන්ම ආරක්ෂාව සදහා යාත්‍රා තුල ජීවිත ආරක්ෂක කබා තබාගැනීම ,දිනපතා රැකියාවට යාමට අදහස් කරන  මුහුදු ප්‍රදේශය පිළිබදව මෙන්ම ඒ පිළිබඳ දැනුවත් කළ යුතු රජයේ නිළධාරීන් දැනුවත්කර රැකියාව සදහා පිටත්ව යාම සිදු කරන ලෙසද ඇමැතිවරයා ධීවර කාර්මිකයන්ගේන් ඉල්ලා සිටියි. 
 
බහු දින යාත්‍රා  හිමියකු නම් ධීවර රැකියා සදහා සිය යාත්‍රා  පිටත් වීමට ප්‍රථමව යාත්‍රාව සතුව රේඩියෝ යන්ත්‍රයක් තිබීම හා එය භාවිතා කිරීමද අනිවාර්යය වෙයි.
 
එසේම සෑම දිනකට වරක් රේඩියෝ මධ්‍යස්ථානය අමතා තමන් සිටින ප්‍රදේශය පිළීබදව දැනුවත් කරන  ලෙසද එසේ දැනුවත්කිරීම හදිසි ආපදා ප්‍රශ්ණයකදි යාත්‍රාව හා ධීවර කර්මාන්තයේ යෙදෙන අය මුදා  ගැනීමට එය වැදගත් වන බවත්ඇමැතිවරයා වරයා පෙන්වා දෙයි.
 
මෙසේ දිනකට වරක්රේඩියෝ යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්යය බවත් එසේ නොකරන බහු දින යාත්‍රාවලට නැවත ගමන් වාර ලබා දීමේදි පරිපාලනමය වශයෙන් පියවර ගැනීමට කටයුතු කරන ලෙස ධීවර  අධ්‍යක්ෂක ජනරාල් වරයාට උපදෙස් දී ඇති බවත්, එම තත්ත්වය ධීවර කාර්මිකයන්ගේ ගමන් වාරය ලබා දීමට ප්‍රමාද වීමට හේතු වන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි. 
 
(බුද්ධිකා ඉඹුලාන)

No comments:

Post a Comment

Post Bottom Ad

Pages