ඉන්දියාව ලෝකයම පරදයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

ඉන්දියාව ලෝකයම පරදයි

එක් දිනකදී 90000කට කොරෝනා

ඉන්දියාවේ එක් දිනක කොවිඩ් 19 ආසාදිතයන් 90,632ක් වාර්තා වී ඇති අතර, එය මෙතෙක් ලෝකයේ ඕනෑම රටකින් එක්දිනකදී හමු වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන වේ.

මෙතෙක් ඒ රටේ හමුවී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 4,113,811කි. එයින් සියයට 77.32ක් වන 3,180,865ක් සුවය ලබා ඇතැයි එරට මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලින් අනාවරණය වී ඇත.  මේ වන විට එරට කොරෝනා රෝගයෙන් 70,626ක් මිය ගොස් ඇත. ගෙවුණු පැය 24 ඇතුළත කොවිඩ් මරණ 1,065ක් වාර්තා වී තිබේ.

කොරෝනා ආසාදන අතින් ලොව දෙවැනි ස්ථානයේ පැවැති බ්‍රසීලය පසු කොට ඉන්දියාව දෙවැනි ස්ථානයට පිවිස ඇත.

බුද්ධි කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages