ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි, නාවික හමුදාපති හමුවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-03

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි, නාවික හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ මහත්මිය ඊයේ (02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා හමුවිය.
 
මෙහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් තුර්කි තානාපතිනිය විසින් නාවික හමුදාධිපති තුමන් වෙත සුභාශිංසන පිරිනමන ලද අතර, තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ඇති දිගුකාලීන සම්බන්ධතාවය සහ ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව තානාපතිනිය සහ නාවික හමුදාධිපති තුමන් අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.
 
තවද, මෙම සුහද හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages