දේශපාලන ආධාරකරුවන් පිරිසක් ආඩිගම වැව් රක්‍ෂිතය හෙලි පෙහෙලි කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-06

දේශපාලන ආධාරකරුවන් පිරිසක් ආඩිගම වැව් රක්‍ෂිතය හෙලි පෙහෙලි කරයි

ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂණ කලාපයට අයත් රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස හෙපිපෙහෙළි කිරීමත් සිදු වන බව වාර්තා වේ.

එහි ඇතුළු වූ දේශපාලන ආධාරකරුවන් පිරිසක් පොල්පැල සිටුවමින් භූමිය අයත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව කියා සිටිති.
මෙම පිරිස පසුගිය මහා මැතිවරණයේදී එක් අපේක්ෂකයෙකු ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පිරිසකි.

මැතිවරණයෙන් එම අපේක්ෂකයා ජය ගැනීමෙන් පසු ඔහුගේ සහය මත තමන් මෙම කටයුත්ත කරන බව පැවසූ බව ප‍්‍රදේහවාසීන් කියති.

මෙය නවතන ලෙස ඉල්ලා සිටිය ද තමන්ට ද තර්ජනය කරමින් ඔවුන් එම කටයුත්තේ දිගටම යෙදී සිටින්නේ යැයි ද ජනතාව කියා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages