පළාත් කිහිපයකට අදත් වැසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-03

පළාත් කිහිපයකට අදත් වැසි

කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වාර්තා කරන පරිදි අද (03) පළාත් කිහිපයකට වැසි ඇති වෙයි
 
 ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.
 
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
 
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි.40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.
 
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්  එම දෙපාර්තුමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages