විශේෂඥයින් පිරිස නිව් ඩයමන්ඩ් නෞකාව වෙතට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

විශේෂඥයින් පිරිස නිව් ඩයමන්ඩ් නෞකාව වෙතට

දිවයිනට පැමිණි විශේෂඥයින් පිරිස නිව් ඩයමන්ඩ් නෞකාව වෙත ළගා වී ඇතැයි නාවික හමුදාව ප්‍රකාශ කරයි.
 
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කරන පරිදි, ගලවා ගැනීමේ කටයුතු පිළිබඳ විශේෂඥයින් 6 දෙනෙකු එලෙස නෞකාව වෙත රැගෙන යමින් ඇති බවයි.
 
නිව් ඩයමන්ඩ් නෞකා මෙහෙයුම සඳහා 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් ඊයේ මත්තල ගුවන් තොටුපළින් (06) දිවයිනට  පැමිණියේය.
 
මෙම පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයෙකු ද ඇතුලත් වෙයි.
 
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ අද (07) දිනයේත් නිරීක්ෂණ ගුවන් යානා යොදා නෞකාවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි.
 
ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානාවක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවේය.
 
මේ අතර නිව් ඩයමන්ඩ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි ආයතනය විසින් ආපදා ගැලවුම්කාර පාර්ශවය ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර ආයතනයක් පත් කර තිබේ.
 
නාවික හමුදාව නිවේදනය කළේ එම ආයතනය විසින් නෞකා මෙහෙයුම සඳහා බොරතෙල් සම්බන්ධ විශේෂඥයින් හා උපකරණ නිව් ඩයමන්ඩ් නෞකාව වෙත යොමු කරමින් ඇති බවයි.
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages