කාකි නිල ඇඳුමෙන් මිනිස්කම උතුරයි පොඩි පුතු සමඟ අතරමං වූ මවකට රැකියාවක් සොයා දීලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

කාකි නිල ඇඳුමෙන් මිනිස්කම උතුරයි පොඩි පුතු සමඟ අතරමං වූ මවකට රැකියාවක් සොයා දීලා

රැකියාවක් ලබාදෙන බවට දුරකතන මාර්ගයෙන් පොරොන්දු වී කාන්තාවක් ගාල්ලට කැඳවා ඇය කුඩා දරුවාද සමඟ අතරමංවී සිටියදී ගාල්ල බස් නැවතුම්පොලේ සේවය කරන නියාමක මහතෙකු දරුවා සහ මව ගාල්ල බස්නැවතුම්පොළ භාර ස්ථානාධිපති විමල් ජයසේකර මහතා වෙත බාරදී තිබේ.

ඇය සැමියාගෙන් වෙන් වී ඇති අතර, දරුවා හදාගෙන ජීවත්වීමට විදියක් නැති හෙයින් මෙසේ පැමිණ ඇත. රස්සාවක් දෙන්න මාමා කෙනෙක් ගාල්ලට එන්න කීවා. එයාදැන් කතා කරන්නෙ නැහැ. අතේ තිබූ සල්ලිවලින් ආවේ. මොනවා කරන්නද තේරෙන්නෙ නැහැ. අනේ මගෙ දරුවයි මායි..... යන්වෙන් කයමින් හඬා වැළපී ඇත.

පොලිස් සැරයන් විමල් ජයසේකර මහතා ඔහු දන්නා හඳුනන ව්‍යාපාරිකයකු මඟින් ඇයට රැකියාවක් ලබා දී, දරුවා පිළිබඳව සොයා බලා සහාය වන්නට උපකාර කර තිබේ.

 

ප්‍රාර්ථනා ලියනගේ - හිනිඳුම සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages