අත්අඩංගුවට ගත් අනුරාධපුරේ සිසුන් නිදහස් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-06

අත්අඩංගුවට ගත් අනුරාධපුරේ සිසුන් නිදහස්

අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී පොලිස් භාරයට ගත් සිසු සිසුවියන් 100 දෙනා තරයේ අවවාද කොට මුදා හැර තිබේ.
 
ඔවුන්ගේ දෙමව්පියන්ද කැඳවා ඔවුන් ඉදිරියේ මෙලෙස අවවාද කර ඇත.
 
මෙම සියලු දෙනා අද උදෑසන උපකාරක පන්තිවලට යන බව පවසා නිවෙස්වලින් පැමිණ තිබුණි.ඔවුන් අවුරුදු 14 සහ 15 වයස්වල පසුවන බාලවයස්කාරුවන් බව පොලිසිය පවසයි. මෙහිදී පෙම්වතුන් ඇතුලු 110 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
 
පොලිස් භාරයට ගත් මෙම සිසු සිසුවියන් අනුරාධපුර නගරයේ වැව් බැම්ම, නව බස් නැවතුම්පොළ සහ දුම්රිය මාර්ගය අසළ රැදී සිටියදී පොලිස් භාරයට ගෙන ඇත .
 
මෙහි සිටි ඇතැම් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බවට ද අනාවරණ වී තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages