අට දරු පියා ස්කැවේටර් යන්ත්‍රයකට යට වී මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-04

අට දරු පියා ස්කැවේටර් යන්ත්‍රයකට යට වී මරුට

බිබිල නගරයේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ඊයේ (03) ස්කැවේටර් යන්ත්‍රයකට යටවීමෙන් 77 හැවිරිදි අටදරු පියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බිබිල පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බිබිල රදලියද්ද වැවපාර පදිංචිව සිටි දිසානායක මුදියාන්සේලාගේ අභයරත්න (77) නැමති අයෙකි. හෙතෙම මාර්ගයේ ගමන් කරමින් සිටියදී ස්කැවේටර් යන්ත්‍රයට යටවී  බරපතල තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුලත් කරන  අතරතුර මියගොස් ඇත.
මියගිය යගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය බිබිල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
බැකෝ යන්ත්‍රයේ රියැදුරු වන ගලගෙදර පදිංචි දහනව හැවිරිදි තරුණයෙකු බිබිල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිළිබඳව බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ සෙනරත් මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages