පළාත් කිහිපයකට අදත් වැසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-08

පළාත් කිහිපයකට අදත් වැසි

කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ වාර්තා වලට අනුව අද (08) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
 
ඇතැම් ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.
 
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
 
දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්  විටින් විට හමන පැ.කි.මී 50 පමණ සුළං ඇතිවිය හැක.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages