පරාක්‍රමබාහු රජතුමාටද ඥතීත්වය දරන, බෞද්ධ ශාස‍නයට මහගු සේවයක් කල විජයවර්ධන පවුල - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-01

පරාක්‍රමබාහු රජතුමාටද ඥතීත්වය දරන, බෞද්ධ ශාස‍නයට මහගු සේවයක් කල විජයවර්ධන පවුල

කැලණිය රජමහා විහාරය සහ කොල්ලුපිටිය ගංගාරාම ඇතුලු විහාරස්‌ථාන ගණනාවකට සේවය කල පවුලක්

පහළොස්‌වැනි සියවස්‌ සමයේ සමස්‌ත ශ්‍රී ලංකාද්වීපයම එක්‌සේසත් කොට පාලනය කළ සයවැනි පරාක්‍රමබාහු රජතුමාට ඥතීත්වය දරන වකවානුව දක්‌වා වූ තුඩුගල විජයවර්ධන පෙළපතේ ඉතිහාසය හරියාකාරව ගවේෂණය කර විමංසන කිරීමේ කාර්යභාරයට අවතීර්ණවීමට විජයවර්ධන පවුල උරදී සිටී.

පරාක්‍රමබාහු රජතුමා පුරා වසර 55 (1412-67) ක්‌ රට පාලනය කළ බව පැවසේ. ලංකාද්වීපයේ පුරා විද්‍යාඥයකුව සිටි ඡේ. එච්. ඕ. පවුලස්‌ මහතා විසින් ලියන ලද "තුඩුගල පවුල" නමැති ග්‍රන්ථය පරිශීලනය කිරීමේදී මෙම පවුලේ පුරුක්‌ කෝට්‌ටේ පරාක්‍රමබාහු සමය දක්‌වා දිවෙන බව සක්‌සුදක්‌ව පිළිබිඹු වෙයි.

දැන් මීට අලුත් තොරතුරු ඇතුළත්කර යාවත්කාලීන වෙමින් පවතින අතර, දොන් පිලිප් විජයවර්ධනගේ දරු මුණුපුරු පරම්පරාව විසින් දායක කරන ලද නේවාසික හා ප්‍රගතිය මෙනෙහි කරන විට පෙනී යනු ඇත. තුඩුගල යන නාමය විජයවර්ධන නාමයේ පොදුවේ ප්‍රකට එකක්‌ නොවේ. එය පවුලේ වැඩිමලෙකුට ත්‍යාග කරන ලද කළුතර තුඩුගල ගමේ නමින් පැවත එන්නකි. තුඩුගල ඔහුගේ මවගේ ගම වූ අතර පිහිටියේ කළු ගඟේ ගං ඉවුරේය. මෙම පවුල නිරන්තරයෙන් විශේෂයෙන් කැලණිය රජමහා විහාරය සමග ස්‌ථිර සාර බැඳීම් තිබිණි. දොaන හෙලේනා ඩෙප් වීරසිංහ සමග 1880 දී යුග දිවියට පිවිසි මුහන්දිරම් දොන් පිලිප් තුඩුගල විජයවර්ධන සිය වාසභූමිය කරගෙන ව්‍යාපාරික ආධිපත්‍ය පිහිටුවාගෙන කල්ගෙවූ සේදවත්ත ගම්මානය සමග තිබුණේ එකට බැඳුණු සබඳතාවකි. දැව බෙදාහැරීමේ කොන්ත්‍රාත්කරුවකු වූ දොන් පිලිප් විශේෂ ගණයේ ව්‍යාපාරික කුවේරයෙක්‌ විය. රජයේ දැව දෙපාර්තමේන්තුව, දිවයින පුරා පිහිටි පාලම් කෞතුකාගාරය, වික්‌ටෝරියා අනුස්‌මරණ නයනාරෝග්‍ය ශාලාව අලුත්කඩේ ශ්‍රේaෂ්ඨාධිකරණ ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන පෙළේ ගොඩනැඟිලිවලට දැව සැපයූවේ ඔහු බව මෙහිලා සඳහන් කිරීම උචිතය. මෙම කොන්ත්‍රාත්වල සාර්ථකත්වය කරනකොටගෙන බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්‌ඩුවේ ඔහුට "මුහන්දිරම්" යන නම්බු නාමය හිමි විය.

ඉක්‌බිතිව ඔහු සිය නමට විජයවර්ධන නාමය එකතු කරගත් අතර දොන් පිලිප් විජයවර්ධන නමින් හැඳින්විය. ඔහු මේ නම ඔහුගෙන් පැවත එන පරම්පරා ගණනකටම හිමිකර දුන්නේය. දොන් පිලිප් හා බිරිඳ හෙලේනා  විහාරස්‌ථාන බොහොමයකට විශාල සේවාවක්‌ ඉටු කරන්නට වූහ. මේවා අතර සේදවත්තේ වෙහෙරගොඩැල්ල පන්සල, කැලණිය රජමහා විහාරය සහ කොල්ලුපිටිය ගංගාරාම විහාරස්‌ථානය ප්‍රධාන තැනක්‌ ගනී. මෙහි හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ නම ඇගේ උදාරත්වය නිමිත්තෙන් ගරු කොට සැලකේ. මේ සැමියා හා බිරිඳ සේදවත්තට හා ඉන් ඔබ්බට අනෙකුත් ප්‍රදේශවලට ඉටු කරන ලද සේවාව අමරණීය බව ජනප්‍රවාදගතව ඇත.

පෘතුගීසීන් අතින් විනාශයට පත් කැලණිය පන්සලේ බිතු සිතුවම් වෙනුවට අලුතින් සෝලියස්‌ මෙන්ඩිස්‌ කලාකරුවා අතින් නිම වූ බිතු සිතුවම්වලින් ඔප්නම්වමින් යථා තත්ත්වයට පත්කොට අලංකාර කිරීමට හෙලේනා මැතිනිය කළ මහඟු කාර්ය වෙසෙසින් අගය කළ යුක්‌තකි. එතුමිය එදා මෙලෙස මැදිහත් නොවූවා නම්, පන්සලේ බිතුසිතුවම් හා ශ්‍රී විභූතිය හා ගෞරවය මැකී යන්නට ඉඩ තිබුණා නොඅනුමානයි.

ලෝක මහා සංග්‍රාම සමයේ හෙලේනා තම කලා වැව ගොවිපළේ සහල් සේදවත්තේ දිළිඳුභාවයට පත් ගම්වාසීන්ට නොමිලේ බෙදා දුන්නේය. තවද එතුමියගේ අනුග්‍රාහකත්වයෙන් කැලණි විහාරයේ දුරුතු පෙරහැර ආරම්භ කොට 1927 දී ප්‍රථම පෙරහැර වීථි සංචාරය කළ අවස්‌ථාවේදී කැලණි පන්සලේ ප්‍රථම බස්‌නායක නිළමේ වූයේ ඇගේ පුත් දොන් වෝල්ටර්ය. ඉන්පසු එතුමියගේ මුණුපුqරා වන උපාලි විජයවර්ධන මැතිතුමාය. වර්තමානයේ එතුමියගේ මී මුණුපුරන් වන ධම්මික ආටිගල කැලණියේ ප්‍රධාන බස්‌නායක තනතුර හොබවයි. හෙලේනා විජයවර්ධන ළමාතැනී 1940 නොවැම්බර් 10 වැනිදා 76 වියේදී අභාවප්‍රාප්ත වූවාය. අවුරුදු 39 තරම් ලාබාල වියේදී වැන්දඹු වුවත් දරුවන් 9 දෙනෙකු ඇති දැඩි කළ අතර මුණුපුරු මිණිපිරියන් ගණනාවක්‌ ආච්චි අම්මාට සිටියාය.

ගාලුපාරේ කොල්ලුපිටියේ විශාල "ශ්‍රී රම්‍යා" නමැති මනරම් නිවසක්‌ ඉදිකළ ඇය සැමියාගේ අභාවයෙන් පසු දරුවන් කීපදෙනකු හා මුණුපුරන් සමග එහි පදිංචියට ගියාය. එම නිවසේ දැන් එක්‌සත් ජනපද තානාපති කාර්යාලයේ පුස්‌තකාලය පිහිටා තිබේ. ඇගේ දරුවන් 9 දෙනාගෙන් දොන් ඇලෙක්‌සැන්ඩර්, ඇග්නස්‌ හෙලන්, දොන් ලුයිස්‌, දොන් රිචඩ් (ඩී. ආර්. විජයවර්ධන මහතා) දොන් එඩ්මන්ඩ්, ලීසා හැරියට්‌, දොන් චාල්ස්‌, දොන් වෝල්ටර් (උපාලි විජයවර්ධන මහතාගේ පියා) සහ දොන් ඇල්බට්‌ උසස්‌ තත්ත්වයට පත්වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු වන ඇලෙක්‌සැන්ඩර් සහ රිචඩ් ජාතික වීරයන් වශයෙන් පිළිගැනීමට පාත්‍ර විය. ඇගේ මුණුපුරකු වන ඡේ. ආර්. ජයවර්ධන අපේ ප්‍රථම විධායක විධායක ජනාධිපති වූ අතර මීමුනුබුරා වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක්‌ විය. ලෝකප්‍රකට ගවේෂයකයකු වූ රේ. විඡේවර්ධන හා ව්‍යාපාරික ප්‍රකට ප්‍රබලයන් වූ උපාලි විජයවර්ධන හා රංජිත් විජයවර්ධන ඇතුළු තවත් පවුලේ බොහෝ අය පිළිගත් ව්‍යාපාරිකයෝ වූහ.


සිව්වන පරපුරේ රවී ජයවර්ධන, ආචාර්ය හිරාන් ජයවර්ධන, රජිත ගෝමස්‌, අමිත ගුණරත්න, අමරි විජයවර්ධන, ශාලිත විඡේසුන්දර, ධම්මික ආටිගල, ෂාන් වික්‍රමසිංහ, දොස්‌තර ශ්‍රී නාත් සෙනෙවිරත්න, රුවන් විජයවර්ධන (රංජිත් විජයවර්ධන මහතාගේ පුත්) පවුලේ සාමාජිකයන්ගෙන් සමහරෙකි.

පස්‌වැනි පරම්පරාව ගත්කළ ප්‍රදීප් ජයවර්ධන, ඉෂිනි වික්‍රමසිංහ, තිෂ්‍ය වික්‍රමසිංහ, ඉරුෂි තෙන්නකෝන්, නිරෝෂන් විඡේසුන්දර, රුචිනි විඡේසුන්දර, චූලෝ සමරසිංහ, කේමින්ද ආටිගල සහ හිටපු රාජකීය රග්බි නායක දුමින්ද ආටිගල සමහරක්‌ අයෙකි.

හෙලේනා විජයවර්ධන ළමාතැනී ඉටු කළ සමාජ මෙහෙවර අගය කිරීම වෙනුවෙන් එතුමියගේ නමින් කැලණියේ "හෙලේනා විජයවර්ධන බාලිකා විදුහලත්", "උපාලි විජයවර්ධන මහතා සිහි කිරීම සඳහා කඹුරුපිටියේ "උපාලි විජයවර්ධන පාසලත්", "උපාලි විජයවර්ධන සම්මන්ත්‍රණ ශාලාවත්" අද අපට දක්‌නට ලැබේ. තවද විජයවර්ධන පවුල විසින් වාර්ෂික ආලෝක පූජාවක්‌ වන මිහින්තලය, සිතුල්පව්ව, තන්තිරිමලේ, කිරිවෙහෙරේ සහ කැලණිය රජමහා විහාරය ආදී විහාරස්‌ථානවල ප්‍රධාන දායකත්වය දරනු ලැබේ.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages