යුතුකම ජාතික සංවිධානයේ සුහද හමුවට අගමැති එක්වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-12

යුතුකම ජාතික සංවිධානයේ සුහද හමුවට අගමැති එක්වෙයි

යුතුකම ජාතික සංවිධානයේ සුහද හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ(11) දින සහභාගී විය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම සුහද හමුව සංවිධාන කර තිබිණි.
 
රටට එරෙහිව පසුගිය ආණ්ඩුව ගෙන ගිය මර්දනකාරී සහ විනාශකාරී වැඩපිළිවෙළට එරෙහිව 2015 වසරේදී යුතුකම ජාතික සංවිධානය පිහිටුවනු ලැබීය.
 
ව්‍යවස්ථා සංශෝධන, රණවිරු දඩයම, රාජ්‍ය දේපළ විකිණීම ඇතුළු පසුගිය ආණ්ඩුවේ රටට විරුද්ධව දියත් කළ වැඩපිළිවෙළට එරෙහි මතවාද ශක්තිමත් කිරීමට යුතුකම ජාතික සංවිධානය තීරණාත්මක ලෙස මැදිහත් විය.
 
පසුගිය පස් වසර පුරා එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට යුතුකමට ශක්තියක් වූ සහෘද පිරිසට කෘතගුණ දැක්වීම සඳහා මෙම සුහද හමුව සංවිධානය කර තිබිණි.
 
යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල් මහත්වරු ඇතුළු යුතුකම ජාතික සංවිධානයේ සාමාජිකයන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වන්නට ද අගමැතිතුමාට අවස්ථාවේ ලැබිණි.
 
රාජ්‍ය අමාත්‍යවරු වන විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ, පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages