අගමැති ප්‍රධානත්වයෙන් රාජ්‍ය නාට්‍ය උළෙල සම්මාන ප්‍රදානය නෙළුම් පොකුණ රඟහලේදී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-08

අගමැති ප්‍රධානත්වයෙන් රාජ්‍ය නාට්‍ය උළෙල සම්මාන ප්‍රදානය නෙළුම් පොකුණ රඟහලේදී

රාජ්‍ය නාට්‍ය උලෙළ-2020 සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 11 දින පස්වරු 6.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත.
 
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති,  අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමැති  විදුර වික්‍රමනායක  මහතාගේ සහ නිශ්ශංක දිද්දෙනිය , අනුලා බුලත්සිංහල මහත්ම මහත්මීන්ගේ සහ  එන්. මරිය ෂේවියර් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම සම්මාන උලෙළ පැවැත්වෙයි
 
බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව 48 වන වරට මෙම උලෙළ සංවිධානය කෙරේ. 
 
මෙහිදී සම්මාන 80ක් සහ කුසලතා සහතික 08ක් පිරිනැමීමට නියමිතය.
 
 එමෙන්ම ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන නාට්‍ය කීර්ති සම්මානය ප්‍රවීන නාට්‍යවේදීන් තිදෙනෙකුට මෙහිදී පිරිනැමේ. 
 
අවසාන වටය නියෝජනය කරන සෑම දිගු නාට්‍යයක් සඳහාම නිෂ්පාදක දීමනාව වශයෙන් රුපියල් 50000ක් හා කෙටි නාට්‍යයක් සඳහා රුපියල් 25000ක් ලබා දෙනු ලැබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages