එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සංදේශයක් ගොනු කිරීමට නියෝග - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-09

එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සංදේශයක් ගොනු කිරීමට නියෝග

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදූ වූ එයාර් බස් ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2ක වංචාවක් සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සංදේශය ගොනු කරන ලෙස   කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (09) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  ඇප මත මුදා හැර ඇති හිටපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියොමාලි විජේනායක යන දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටියේය.
සැකකරුවන්ට අදාළ ඕස්ට්‍රේලියාවේ ඇති ගිණුම්, ලේඛන, විද්‍යුත් තැපැල් ලිපිනයන් විදේශ රටවලින් ඉල්ලා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විදේශ බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවත් කියා සිටී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන සිදු කරන බවත්  අධිකරණයට වාර්තා කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන දෙසැම්බර් 02 දා අධිකරණයට වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත් වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages