රාජිතට නැවත සිතාසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-30

රාජිතට නැවත සිතාසි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හට  ලබන 05 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස යළි සිතාසී නිකුත් කර ඇත.
 
නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව එම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වෙයි
 
කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අසත්‍ය චෝදනා ගොනු කරමින් කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට  කොමිසමට පැමිණිලි කර තිබුණි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages