කොල්ලො කෙල්ලො නට­වන මොන­වද මේ Facebook පාටි? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-04

කොල්ලො කෙල්ලො නට­වන මොන­වද මේ Facebook පාටි?

දිනක් මුහුණුපොතේ පළ වී තිබූ ෆේස්බුක් සාද­යක් පිළි­බඳ මාගේ අව­ධා­නය යොමු වන්නේ අවි­වේකී ජීවි­තයේ ඉඩක් ලද මොහො­තක බුකියේ උඩ පහළ යමින් සිටි­ය­දීය. එක වරම නැවතී එම පෝස්ට්ටුව ගැන මම කල්පනා කර­න්නට වීමි. තව­දු­ර­ටත් එයට ලැබී තිබූ ප්‍රති­චාර පිළි­බඳ මා සොයා බැලී­මේදී තරුණ තරු­ණි­යන් බොහෝ පිරි­සක් ඊට එක­ඟ­තාව පළ කර තිබුණු අතර දින­යක් හෝ ඊට සහ­භාගි වන්නේ කෙසේද යන්න දැඩි ආශා­ව­කින් ඔවුහු විමසා තිබු­ණහ.

“ෆේස්බුක් සාද­යක් සඳහා කැමති අය Inbox පැමි­ණෙන්න.” දැන්වීම එප­ම­ණකි.

මමද එයට කැමැත්ත පළ කර Inbox පණි­වි­ඩ­යක් යැවිමි. ඒ ෆේස්බුක් සාද පිළි­බඳ සමා­ජයේ වැඩි­යෙන් කතා­බ­හට ලක් වන කාල­යක් නිසාත් එහි සිදු­වන ඇතු­ළා­න්තය දැන ගැනීම සඳ­හාත්ය. ටික දිනක් යන­තුරු ඊට කිසිදු ප්‍රති­චා­ර­යක් නොවීය. නැව­තත් ඉහත පණි­වි­ඩ­යම ඊට පසු දිනක ද පළ කර තිබූ අතර මෙලෙස මාස­යක පමණ කාල­ය­කින් අන­තු­රුව මා යැවූ Inbox පණි­වි­ඩ­යට ප්‍රති­චා­ර­යක් ලැබිණි. ඒ පැමි­ණීම තහ­වුරු කිරී­මට හැකි නම් පම­ණක් නම ඇතු­ළත් කර ගන්නා ලෙසට දන්ව­මින්ය. ඉන් පසු තමා සිටිනා දිස්ත්‍රි­ක්කය, වයස, සහ­භාගි වන්නේ තනි­වම ද නැති­නම් වෙනත් අය සිටී ද යන්න දීර්ඝ විස්ත­ර­යක් විමසා තිබිණි. සිය­ල්ල­ටම පිළි­තුරු සැප­යී­මෙන් අන­තු­රුව දින­යක් හෝ සහ­භාගි වන අයුරු නැවත දැනුම් දෙන ලෙසට පණි­වි­ඩ­යක් සංවි­ධා­ය­ක­යන් විසින් එවන ලදි.

හදි­සි­යේම ෆේස්බුක් සාදය පැවැ­ත්වී­මට දින නියම කර­ගෙන ඇති බවත් ඊට සහ­භාගි වන්නේ නම් එක් අය­කුට රුපි­යල් 3000ක මුද­ලක් අය කරනා බවත් පැමි­ණී­මට කැමති නම් තහ­වුරු කරනා ලෙස­ටත් දන්වා තිබිණි. අන­තු­රුව ප්‍රවේ­ශ­ප­ත්‍ර­යක් වෙන් කර ගැනී­මට දින­යක්, වේලා­වක් හා ස්ථාන­යක් ද දන්වා තිබූ අතර එදි­නට මුදල් ද රැගෙන පැමි­ණෙන ලෙස දන්වා තිබිණි. පසුව පැමි­ණෙන ලෙසට දන්වා තිබූ දිනය ද දෙතුන් වරක් වෙනස් කර­මින් එක් දින­කදී පැමි­ණෙන ලෙසට දන්වා තිබූ ස්ථාන­යට ද ගිය පසු හදිසි හේතු­වක් නිසා­වෙන් රහස්‍ය සංකේත යෙදූ අංක­යක් ද සමඟ නැව­තත් වෙනත් ස්ථාන­ය­කට පැමි­ණෙන ලෙසට දන්වා තිබිණි. එහිදී යතු­රු­පැ­දි­ය­කින් පැමිණ සිටි සම්පූර්ණ මුහුණු ආව­රණ පැලඳි දෙදෙ­නකු විසින් මුදල් ගෙන ඊට අත් පල­ඳ­නා­වක් දී දුර­ක­තන අංකය ද ඉල්ලා පසු දින සිට වට්ස්අප් ගෘෘප් එකක් හා සම්බන්ධ කරන ලදි. අව­සා­නයේ සාදය පැවැ­ත්වී­මට තිබූ ස්ථානය හා දිනය ද කිහි­ප­ව­රක්ම වෙනස් කර සාද­යට පෙර දින මුහුදු වෙර­ළත් සමඟ පව­තින හෝට­ල­ය­කට පැමි­ණෙන ලෙස දන්වා තිබිණි.

සවස 6 සිට පසු දින අලු­යම දක්වාම සාදය පැවැ­ත්වී­මට සියල්ල සූදා­නම් කර තිබු­ණත් මා එම හෝට­ල­යට යන විටත් රාත්‍රී 8 පසු වී තිබිණි. හෝට­ල­යට ඇතු­ළු­වත්ම රහස්‍ය සංකේත සහිත අංක­යත් අත් පල­ඳ­නා­වත් පරීක්ෂා කිරී­මෙන් අන­තු­රුව සාදය පැවැ­ත්වෙන ස්ථාන­යට යෑමට අව­සර ලැබිණි.

අත්වල පල­ඳනා සහිත තරුණ තරු­ණියෝ සිය ගණ­නකි. හෝට­ලයේ මෙන්ම හෝට­ල­යට වෙන් කළ වෙරළ තීරයේ ද තැන් තැන්වල පොදි ගැසුණු තරු­ණ­යන් උන්ගේම ලෝක­වල තනි වෙලාය. තරු­ණ­යන් රංචු ගැසී නටනා හැම තැන­කම මැද තනි වුණු තරු­ණි­යක් හෝ දෙදෙ­නෙකි. සම­හ­රුන්ට තරුණ තරු­ණි­යන් කීමට ද නොහැ­කිය. ඒ ඔවුන් වයස අවු­රුදු 18 පසු කළ පෙනු­මක් හෝ නැති බැවිනි. අත් පල­ඳ­නා­වක් නැති කෙනකු ද එහිදී දැක ගැනී­මට නැත. ඩී.ජේ. එකට පිස්සු වැටී තරු­ණයෝ අඩ­වන් දෑස්ව­ලින් යුතුව පැය ගණ­නක් තිස්සේ නටති. රුපි­යල් තුන්ද­හ­සක මුද­ලක් පෙර දින අය කළේ කුමක් අර­බ­යාද යන්න මට ගැට­ලු­වක් විය. මොහො­ත­කින් වයස අවු­රුදු 40ක පෙනු­මැති පිරි­මි­යකු පැමිණ මාගේ පිටට තට්ටු­වක් දමා ඝෝෂාව අඩු තැන­කට රැගෙන ගියේය.

“ඔය ළමයා මේවට අලුත් වගේ නේද?”

ඇත්තෙන්ම ඔහු එසේ කීවේ කුමන හේතු­වක් නිසා ද යන්න මට තව­මත් ගැට­ලු­වකි. ඔහුගේ තර්කය නිවැ­ර­දිය. මට මෙත­රම් කාල­ය­කට අව­ශ්‍යව තිබුණේ ෆේස්බුක් සාද යන්න කව­රක්ද ඒ පිළි­බ­ඳව එක එක අය කියනා දේවල් සත්‍ය­යක් ද යන්න දැන ගැනී­ම­ටය. ඔහු කියූ දෙයින් මම ගොළු වීමි. ඔහු මට සියල්ල පැහැ­දිලි කළේය.

“අපි රුපි­යල් තුන්ද­හ­සක අය කිරී­මක් කළේ කෑමට සහ මත් වතුර වීදු­රු­වක් දෙන්නයි. ඔයා දැන් ආව විත­රනෙ. එහෙ­නම් අන්න අත­නට ගිහින් අර රහස්‍ය අංකය කියල ග්ලාස් එක අර­ගෙන ඇවිත් විනෝද වෙන්න… ආ….. තව දෙයක්… එත­නින් දෙන්නෙ එක ග්ලාස් එකයි. ඒක නිකන් ගෑවෙ­න්නත් මදි. මං ළඟ ඕනම දෙයක් තියෙ­නවා. පාන්දර වෙන­කම්ම පාටිය තියෙන නිසා ඕන දෙයක් මගෙන් ඉල්ල ගන්න….”

ඔහු කීවේ කුමක් ද යන්න මට අපැ­හැ­දි­ලිය. මඳ වේලා­ව­කින් මම ඔහු ලුහු­බැ­න්දෙමි. එතැ­නට පැමිණි තරුණ තරු­ණියෝ ඔහු වටා රොක් වූහ. රුපි­යල් දහසේ කොළ එම පුද්ග­ල­යාට දුන් පසු ඔහු බෑග­ය­කින් මොන මොන­වාදෝ අර­ගෙන දුන්නේය. ඒවා ගත් තරු­ණයෝ පසෙ­කට ගොස් නොඉ­ව­සි­ල්ලෙන් පානය කර­න්නට වූහ. ඒ මත්ද්‍රව්‍ය බව තේරුම් ගත් මට තරුණ තරු­ණි­යන් ගැන ඇති වූයේ කන­ස්ස­ල්ලකි. කුඩා වය­ස්වල පසු­වන ඔවුන්ට මහා­ප­රි­මා­ණ­යෙන් විය­දම් කිරී­මට මුදල් නැත. එසේ­නම් ඔවුහු මව්පි­ය­න්ගෙන් ලැබෙනා මුද­ල්ව­ලින් මෙලෙස විනා­ශ­යට පත් වෙති. වෙරි මතින් සිටි යුව­ළක් ඇවිද ගැනී­මට හෝ ශක්ති­යක් නැතිව හෝට­ලයේ කාම­ර­යක් වෙත ඇතුළු වූයේ වෙනම මුදල් ගෙවී­ම­කින් පසු­වය.

තවත් එතැන රැඳී සිටී­මට නොහැකි තැනක් ලෙස අව­බෝධ වූ පසු එතැ­නින් පිටත් වීමට මම තීර­ණය කළෙමි. කාට හෝ නොතේ­රෙන ලෙස හෝට­ල­යෙන් පිට­තට පැමි­ණෙන විට එක් අයෙක් පැමිණ මාගේ අතින් අල්ලා ගන්නට විය.

“කොහෙද යන්නෙ…? පාටිය තියෙන්නෙ අර­හෙනෙ. වැඩි වුණාද?”

හෝට­ල­යෙන් පිට­වන බව ඇඟ­වු­ව­හොත් ඊට අව­සර නොලැ­බෙන බව තේරුම් ගිය මම වෙරි මතින් මෙන් රඟ­පා­න්නට වීමි. වච­න­ය­කුදු කීමට නොහැකි වූයේ හෝට­ලයේ ඉදි­රි­ප­සින් කිහි­ප­දෙ­නකු දුව­ගෙන පැමිණි නිසාය. මාගේ අතින් අල්ලා සිටි පුද්ග­ල­යාද මා දමා දුව­න්නට විය. ඒ පැමි­ණියේ පොලිස් නිල­ධා­රීන්ය. මම අතේ තිබූ පල­ඳ­නාව ගල­වා­ගෙන ඒ කල­බල අස්සේ කෙසේ හෝ හෝට­ල­යෙන් පැන ගත්තෙමි. එළි­යට පැමිණි පසු නිල ඇඳුම් ලාගත් පොලිස් නිල­ධා­රීන් හෝට­ලය වට කර තිබෙන අයුරු දක්නට ලැබිණි. මා ළඟට පැමිණ එක් නිල­ධා­රි­යකු ප්‍රශ්න කිහි­ප­යක් විමසූ පසු ඊට නිවැ­ර­දිව මෙන්ම පැහැ­දි­ලිව පිළි­තුරු දුන් හෙයින් මා ගැන වැඩි සැල­කි­ල්ලක් නොදැ­ක්වීය. ඒ මා කිසිදු මත්ද්‍ර­ව්‍ය­යක් පානය කර නැති හෙයිනි.

හෝට­ල­යෙන් එළි­යට පැමිණි මම පාරේ පසෙ­කට වී සිදු­වන දෙය දෙස විම­ති­යෙන් බලා සිටි­යෙමි. ඇතුළේ සිට අල්ලා­ගෙන පැමිණි තරුණ තරු­ණි­යන් පොලිස් ජීප්ව­ලට නංවා­ගති. මේ ෆේස්බුක් සාදයේ අව­සා­න­යයි.

අද වන විට සමාජ මාධ්‍ය ජාලා අප රට වැසියෝ කොත­රම් වැරදි විදි­හට ග්‍රහ­ණය කර­ගෙන ද? තරුණ පර­පුර විනාශ කරනා ආයු­ධ­යක් බවට පත් වී අව­සන්ය. අතී­තයේ ළම­යින් අතේ තිබූ පොත් වෙනු­වට අද වන විට ස්මාර්ට් දුර­ක­ත­නය පැමිණ අව­සන්ය. මව්පි­යන් කෙසේ හෝ හැකි උප­රිම අයු­රින් ස්මාර්ට් දුර­ක­ත­න­යක් දරු­වන්ට දෙන්නේ මෙලෙස විනාශ වී යෑමට ද?

මෙම ෆේස්බුක් සාද සංවි­ධා­නය කරන පුද්ග­ල­යන් කෙදි­න­ක­වත් සාදය පව­ත්වන්නා වූ හෝට­ල­යට පැමි­ණෙන්නේ නැත. ඔවුන් සිටින්නේ තිර­යෙන් පිටු­ප­සය. බොහෝ විට මෙම සාද­වල සංවි­ධා­ය­ක­යන් වන්නේ හෝටල් හිමි­ක­රු­වන්ය. එහෙ­මත් නැති­නම් විශාල වශ­යෙන් මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්වල යෙදෙන පිරිස්ය. ඔවුන්ගේ යටි අර­මුණ තරුණ පර­පු­රට වින්ද­න­යක් සැප­යීම නොව කෙසේ හෝ තම මත්ද්‍රව්‍ය වෙළෙ­ඳා­ම්ව­ලට තරුණ පර­පුර ඇබ්බැහි කරවා එම­ඟින් තම බිස්නස් සරි කර ගැනී­මය.

අද වන විට මෙලෙස ෆේස්බුක් සාද එළි­ම­හන් මෙන්ම හෝටල් තුළ ද රහ­සි­ග­තව පව­ත්වනු ලැබේ. සමාජ මාධ්‍යයේ පිහි­ටෙන් දින ගණ­නක් තිස්සේ සූක්ෂ්මව තරුණ මෙන්ම ළමා පර­පුර ද සාද­ව­ලට පොල­ඹවා ගැනී­මට ඔවුහු විවිධ උප­ක්‍රම භාවිත කරති. පළ­මුව ෆේස්බුක්හි තරුණ යුව­ළක් විසින් පළ කරනා දැන්වී­මකි. ඊට හේතුව මෙම සාද­ව­ලට තරු­ණ­යන් මෙන්ම තරු­ණි­යන් ද ගෙන්වා ගැනී­ම­ටය. එසේත් නැති­නම් තම ආද­ර­ව­න්තයා හෝ ආද­ර­ව­න්තිය සමඟ පැමිණි විට හෝට­ලයේ කාම­ර­ව­ලින් ද ආදා­ය­මක් උප­යා­ගත හැකි නිසා­ය. මෙම සාද­යට සංවි­ධා­ය­ක­යන්ගේ ලාභය සම්පූර්ණ වන තර­මින් තරුණ තරු­ණි­යන් පිරි­සක් එක් කර ගැනීම තෙක්ම නැවත නැවත ෆේස්බුක්හි දැන්වීම් පළ කරයි. ඔවුන්ට අවශ්‍ය පිරිස තහ­වුරු වීමෙන් පසු දින ගණ­නක් බොරු කිය­මින් සාදය වෙනු­වෙන් ප්‍රවේ­ශ­පත්‍ර නිකුත් කිරී­මේදී ඔවුන්ව රස්ති­යාදු කර­වයි. ඒ මෙම සාදය පිළි­බඳ ආර­ක්ෂක අංශ­යට ඉව වැටී ඇත්දැයි සංවි­ධා­ය­ක­යන්ට තිබෙනා සැකය දුරු කර ගැනී­ම­ටය. අව­සා­නයේ කවු­රුත් නොසි­තනා මොහො­තක හොර රහසේ සාද­යට පැමි­ණෙන පිරි­සට රහස්‍ය අංක­යක් මඟින් අන­න්‍ය­තාව තහ­වුරු කර මුදල් ගෙන අත් පල­ඳ­නා­වක් දීම සිදු කරයි. ඉන් අන­තු­රු­වද සාදය පව­ත්වන තැන හා වේලාව අව­සාන මොහොතේ නැව­තත් වෙනස් කිරී­මට සංවි­ධා­ය­ක­යන් සූක්ෂ්ම වන්නේ ආර­ක්ෂක අංශ නොමඟ යැවී­ම­ටය. සාදය පැවැ­ත්වෙන දින­යේදී සාද­යට සහ­භාගි විය හැක්කේ ද අත් පල­ඳ­නාව අත රැඳි තරුණ තරු­ණි­යන්ට පම­ණක් වන අතර එදි­නට එම හෝට­ලයේ හෝ එළි­ම­හන් ස්ථානයේ වෙනත් සාද කිසි­වක් නොපැ­වැත්වේ.

ෆේස්බුක් සාද සංවි­ධා­නය කර­න්නන්ගේ සැබෑ අර­මුණ ඉටු කර­ගන්නේ ඉන් අන­තු­රු­වය. ඒ හෝට­ලය මඟින් නොමිලේ පිරි­නැ­මෙන සාන්ද්‍ර­ණ­යෙන් වැඩි මත් වතුර වීදු­රු­වට පසුව තරු­ණ­යන් මත් වීමට සොයනා එතැන අලෙවි කරනා මත්ද්‍ර­ව්‍ය­ව­ලිනි. සංවි­ධා­ය­කයෝ ගංජා, හෙරො­යින්, හෂීස්, අයිස්, ඩාන්සින් ටැබ්ලට්, ස්ටෑම්ප් ටැබ්ලට් ආදි මත්ද්‍රව්‍ය වෙන­දාට අලෙවි වන මිල ගණ­න්ව­ලට වඩා වැඩි­යෙන් අලෙවි කරති. තමන් සිටින්නේ කොහේ­දැයි, කරන්නේ කුම­ක්දැයි නොදන්නා තර­මට තරුණ තරු­ණියෝ මත් වී උන්මා­ද­යෙන් නටති. කොත­රම් මත් වීද යත් මෙවැනි සාද­ය­කට පොලිස් නිල­ධා­රීන් නිල ඇඳු­මින් පැමි­ණි­යත් ඔවුහු රිසි සේ විනෝද වෙති. එත­රම්ම දෑස් අඩ­වන්ව ඔවුන් සිටින්නේ මත් වීය. මෙලෙස සංවි­ධා­නය කර තිබූ ෆේස්බුක් සාද­යක් අක්මී­මණ ප්‍රදේ­ශ­යේදී සූක්ෂ්මව කඳු මුදු­නක හෝට­ල­යක් තුළ පව­ත්ව­මින් තිබි­යදී වැට­ලී­මට අගෝස්තු මස 31 වැනි දින අක්මී­මණ පොලිස් නිල­ධා­රීහු සමත් වූහ. එම සාදය හබ­රා­දුව ප්‍රදේ­ශයේ පැවැ­ත්වී­මට සියල්ල සූදා­නම් කර තිබි­යදී ආර­ක්ෂක අංශ මඟින් එම ස්ථාන­යට ගොස් සොයා බැලී­ම­කින් අන­තු­රුව සංවි­ධා­ය­ක­යන් ස්ථානය වෙනස් කර අක්මී­මණ ප්‍රදේ­ශයේ පැවැ­ත්වී­මට කට­යුතු කර තිබිණි. එහිදී තරු­ණ­යන් 26 දෙනකු සහ තරු­ණි­යන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබූ අතර ගාල්ල වැඩ­බ­ලන මහෙ­ස්ත්‍රාත් ප්‍රේම­රත්න තිරා­ණ­ගම මහතා විසින් රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කර තිබිණි. තරුණ තරු­ණි­යන් අධි­කව මත්ද්‍රව්‍ය පානය කර තිබී ඇති අතර ඔවුන් සන්ත­කයේ ගංජා ද තිබී ඇත. මත්ද්‍ර­ව්‍ය­ව­ලට අම­ත­රව මොවුන්ව අත්අ­ඩං­ගු­වට ගැනී­මට නිරෝ­ධා­යන නීති­යෙන් ද කට­යුතු කළ හැකිය. ඒ වෙනත් ප්‍රදේ­ශ­ව­ලින් පැමි­ණෙන පිරිස නිරෝ­ධා­යන නීති උල්ලං­ඝ­නය කර­මින් සාද පැවැ­ත්වී­මය.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ජගත් චන්ද්‍ර­කු­මාර මහ­තාගේ උප­දෙස් මත ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි විකුම් ගිනිගේ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් අක්මී­මණ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පී. ජී. ඒ. අම­ර­සේන, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චන්දන හේවගේ ඇතුළු නිල­ධා­රීහු වැට­ලී­මට එක් වී සිටි­යහ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක ඒක­කය මඟින් ද පසු­ගිය කාලයේ සූක්ෂ්මව පැවැත් වූ ෆේස්බුක් සාද කිහි­ප­යක්ම වටලා තිබිණි. ගල්කිස්ස වෙරළ තීරයේ පැවති සාද­යක් වටලා තරුණ තරු­ණි­යන් පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන පසු­ගි­යදා ගල්කිස්ස පොලී­සි­යට භාර දී ඇති අතර ඔවුන් සන්ත­කයේ ගංජා, හෂීස් හා හෙරො­යින් ද තිබී සොයා­ගෙන ඇත. රට පුරා පව­ත්වන මෙවැනි සාද පිළි­බඳ එම ඒක­කය සිටින්නේ අව­දි­යෙන්ය.

වලාන, මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක ඒක­කයේ අධ්‍යක්ෂ පොලිස් අධි­කාරි ඩී. ජී. හේමාල් ප්‍රශාන්ත මහ­තාගේ උප­දෙස් මත ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ආර්. පී. රංජිත් රාජ­පක්ෂ, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩී. ඩී. අජිත් ශාන්ත, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු පොලිස් නිල­ධා­රීහු පසු­ගිය කාලයේ පැවති ෆේස්බුක් සාද වැට­ලීම සඳහා එක් වූහ.

ගවේ­ෂ­ණා­ත්මක සට­හන

ගයාන් සංජය



from රට තොට – Colombo Tribune https://ift.tt/2QSAb5T
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages