MT New Diamond නෞකාව ඈත දියඹට රැගෙන යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-05

MT New Diamond නෞකාව ඈත දියඹට රැගෙන යයි

නැගෙනහිර මුහුදේදී ගිනිගත් MT New Diamond තෙල් ප්‍රවාහන නෞකාව මේ වනවිට ඈත දියඹ දක්වා ඇදගෙන ගොස් ඇති බව වාර්තා වේ. එය මේ වනවිට නැගෙනහිර මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 40 ක් තරම් දුරට රැගෙන ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.
 
ඒ සඳහා නෞකා සහ ටග් යාත්‍රා 11 ක සේවය ලබාගෙන තිබේ.
 
මේ වනවිට නෞකාවේ හටගත් ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර නෞකාව තුළ තිබූ තෙල් කිසිදු අයුරකින් කාන්දුවීමක් සිදුව නොමැති බවද නාවික හමුදාව සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages