MT New Diamond ගැන සොයා බැලීමට විදෙස් විශේෂඥ කණ්ඩායමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-06

MT New Diamond ගැන සොයා බැලීමට විදෙස් විශේෂඥ කණ්ඩායමක්

 
නැගෙනහිර මුහුදේදී ගිනිගත් MT New Diamond තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පිළිබඳ සොයා බැලීම සඳහා දස දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් අද (06) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
 
නෞකාව අයත් සමාගමේ මැදිහත්වීම මත බ්‍රිතාන්‍යය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිත බව නාවික හමුදාව සදහන් කළේය.
 
එම විශේෂඥ කණ්ඩායම නාවික හමුදාව විසින් කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදාගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ.
 
නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40ක් හෙවත් කිලෝමීටර් 74ක් දක්වා ගැඹුරු මුහුදේ මේ වන විට රඳවාගෙන ඇති අතර දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ක්‍රියාත්මක ය.
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages