ඉහල තලාව වැව ගැන ගමේ ජනයා ඇත්ත කියද්දී බොරු ගෙතූ “සිරස” නිරුවත් වෙයි! [VIDEO] - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-26

ඉහල තලාව වැව ගැන ගමේ ජනයා ඇත්ත කියද්දී බොරු ගෙතූ “සිරස” නිරුවත් වෙයි! [VIDEO]

පසුගිය දිනවල රට පුරා මහා වන සංහාරයක් වන බවට පුවත් ප්‍රචාරය වූ අතර සමාජ මාධ්‍ය රැල්ලද ඒ වෙනුවෙන්ම නිර්මාණය වී පැවතින. රැල්ලට ගසාගෙන යන සමහරක් මාධ්‍යද ඒ රැල්ලෙන් ගොඩ යන්නට ඇත්ත සත්‍ය කුමක් වුවත් එක එක හිතළු සහ අතේරෝල් නිර්මාණය කරමින් තමන්ගේ රීච් නැග්ගා ගන්නට පසුබට නොවීය.

එයට කදිම උදාහරණයක් සපයමින් සිරස මාධ්‍ය ජාලය හරහා පෝෂණය වන සමහර වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු හා යු ටියුබ් නාලිකා තමන්ගේ බංකොලොත් දේශපාලනයද ඈඳා ගනිමින් කල නාටකයක තිත්ත ඇත්ත මේ වනවිට හෙළිවෙමින් තිබේ. ඒ ඉහල තලාව වැව සංවර්ධනය කිරීම  සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් සම්බන්ධව පළවූ පුවතකි. එම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය හා ගොතන ලද පුවත ප්‍රධාන ධාරාවේ වගකිවයුතු මාධ්‍යක් වන “සිරස” නාලිකාව හරහාද ප්‍රචාරය වූ අතර තුට්ටු දෙකේ මඩ පේජ් තත්වයට ජාතික මට්ටමේ රුවපාහිනී නාලිකාවක් පත්වීම ඔවුන් කොතරම් බංකොලොත්ද යන වග කියාපාන නිදසුනකි.

අදාළ වැව සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කල හැටි මෙන්ම එය ක්‍රියාත්මක වූ ආකාරයත් සැබවින්ම මහා රූස්ස ගස් කපා දැමුවේ ඇයිද සහ පස් ලෝඩ් විකුණා දමා ව්‍යාපෘතිය අතරමඟ අතහැර දැමුවාද කියාත් සියලු සත්‍ය කරුණු ඉහල තලාව ග්‍රාමයේ ජනතාව සහ ගම්මානයේ විහාරස්ථ ස්වාමින් වහන්සේලා විසින් හෙළි කරනු ලැබුවේ මෙන්න මේ ආකාරයටයි…

මේ ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සිය තොරතුරු සවිස්තරව ඉදිරිපත් කර ඇත්තේ මේ අයුරින්…

අදාළ වැව අශ්‍රිතව ඇති ගස් කපා දැමීම සම්බන්ධව රාජ්‍ය දැව සංස්ථාව වෙත දැනුවත් කරමින් මහවැලි අධිකාරියේ නිලධාරින් යොමුකළ ලිපිය පහතින්…

මේ සියලු කරුණු යටපත් කරමින් සිරස ප්‍රමුඛ ඔවුන්ගෙන් පෝෂණය වන සමාජ මාධ්‍ය නාලිකා අදාළ පුවත පලකර තිබෙන්නේ මේ අයුරින්…

කෙසේ වෙතත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් වාර්තා වීම වැලැක්වීම පිණිස ක්‍රියාත්මක factcrescendo ආයතනය පවා මෙම පුවත අසත්‍ය බවට සවිස්තරාත්මක වාර්තාවක් මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර රටේ පලවන විවිධ පුවත් වල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව කඩිනමින් ඔවුන් සිය නිර්දේශ වාර්තා ඉදිරිපත් කරමින් සිටී. ඒ අනුව පෙනී යන්නේ පෞද්ගලික ව්‍යාපාර ආයතන විසින් සංවිධානය කරන සම්මාන උළෙලවල් වලදී කොපමණ සම්මාන ලබා ගත්තද එසේ ලබාගත් සම්මාන පිළිබඳව කොපමණ පම්පෝරි ගැසුවද අදාළ මාධ්‍ය ආයතනය සිය දේශපාලන න්‍යායපත්‍ර වෙනුවෙන් ජනතාවට අසත්‍ය පවසමින් සැබෑ ජනමාධ්‍යයේ වගකීම් පැහැර හරිමින් ජඩ මාධ්‍යකරණයේ නිරතවීමයි.

අදාළ පුවත අසත්‍ය බවට factcrescendo ආයතනය පලකල විස්තරාත්මක වාර්තාව පහතින්….

ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් ගස් කපා දමා සිදුකල විනාශයක් යනුවෙන් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

 

 



from රට තොට – Colombo Tribune https://ift.tt/331EZg0
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages