ගවයන් 37 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-16

ගවයන් 37 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් අත්අඩංගුවට

අද උදෑසන මිහින්තලය පොලිසිය විසින් සිදු කරනු ලැබූ මෙහෙයුමක දී මැදවච්චියේ සිට ලොරි තුනකින් ප්‍රවාහනය කරමින් තිබූ ගවයන් 37 දෙනෙකු සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
 
සිද්ධිය සම්බන්ධ වැඩිදුර අදහස් දැක් වූ මිහිතලය පොලිසියේ ස්ථානාධිපති කේ.ඩී .ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ,මෙසේ ප්‍රවාහනය කළ ගවයන් අක්කරේපත්තුව ,අකුරණ හා ගම්පහ යක්කල ප්‍රදේශ වලට මස් සඳහා විකිනීමට සුදානම් කර ඇති බවයි
 
මෙම මෙහෙයුම සඳහා ස්ථානාධිපතිතුමා ඇතුළු 8 දෙනෙකුගෙන් සමන්විත නිළධාරී පිරිසක් සහභාගී වී ඇත
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලය පොලිසිය විසින් සිදු කරයි
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages