ඉන්දියාවේ කොවිඩ් උතුරු මුහුදෙන් ලංකාවට පනින අවදානමක්! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-01

ඉන්දියාවේ කොවිඩ් උතුරු මුහුදෙන් ලංකාවට පනින අවදානමක්!

මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තාවන දෙවැනි රට බවට ඉන්දියාව පත්ව ඇති අවස්ථාවකදී උතුරු මුහුදු තීරයෙන් එම වසංගතය ශ්‍රී ලංකාවේ සමාජයට පැමිණීමේ දැඩි අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. අතීතයේ පටන් මුහුදු සීමාවලදී සිදුවූ ජාවාරම් සහ ධීවරයන්ගේ පැමිණීම් තවදුරටත් එසේම සිදුවන්නේ නම් අවදානම තීව්‍ර බවද හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (30 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙසේද කීය.

” මේ භූමියේ වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 131 ක් දැනට ප්‍රතිකාර ලබනවා. ඒ පිටරටවල්වල සිට එන ශ්‍රී ලාංකිකයන්. අපේ මේ ක්‍රියාන්විතයේ ඕනෑම අවස්ථාවක හිදැස් ඇති වෙන්න පුළුවන්. මිනිස්සු අතින් අතපසුවීම් සිද්ධවෙන්න පුළුවන්. මේ වන විට අපේ සමාජය ආරක්ෂිතයි. නමුත් ඒ මගින් සහතිකයක් දෙන්නේ නෑ නැවත අපට කොවිඩ් බලපෑමක් වෙන්නේ නෑ කියලා. මීට සාර්ථක එන්නතක් සොයා ගන්නා තුරු හෝ ලෝකයෙන්ම වසංගතය පහවන තුරු අපට මේ අවදානම තියෙනවා.”



from රට තොට – Colombo Tribune https://ift.tt/3n6KiDa
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages