කොරෝනා මඬින්න කැප වූ නිලධාරීන් ඇගයීමේ පා ගමනක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-01

කොරෝනා මඬින්න කැප වූ නිලධාරීන් ඇගයීමේ පා ගමනක්

 

මාරාන්තික කොරෝනා වයිරසයෙන් ජනතාව බේරාගැනීමට කැපවීමෙන් කටයුතු කළ ජනාධිපතිවරයා, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය අංශය, තැපැල් ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල නිලධාරීන් ඇගයීමේ පා ගමනක් සහ එම නිලධාරීන්ට උපහාර දැක්වීමේ උත්සවයක් ඊයේ (30) බළන්ගොඩ නගරයේදී සහ බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

බළන්ගොඩ බාලදක්ෂ එකමුතුව මෙය සංවර්ධන කර තිබිණි. බළන්ගොඩ දහමාන විදුහල, ශාන්ත ඇග්නස් බාලිකා විදුහල සහ කුමාර විදුහල නියෝජනය කරමින් බාලදක්ෂයෝ එම අවස්ථාවට එක් වුහ.

බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර, බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි, බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එන්. රිෆයිඩ් මහත්වරුන් ඇතුළු බළන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු ද, බළන්ගොඩ ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්යාලය මණ්ඩලය ද මෙහිදී ඇගයීමට ලක් කරනු ලැබූහ.

 

 

බළන්ගොඩ විශේෂ

සම්පත් ප්‍රියනන්දන

No comments:

Post a Comment

Post Bottom Ad

Pages