පැරිස් තරග බිමෙන් සෙරීනා ඉවතට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

පැරිස් තරග බිමෙන් සෙරීනා ඉවතට

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා ත්‍රිත්වයක් දිනා සිටින අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පාදයේ ආබාධයක් හේතුවෙන් දෙවැනි වටයට සහභාගි නොවී තරගාවලියෙන් ඉවත් වූවාය.

පසුගිය 27 වැනිදා පැරිසියේදී ආරම්භ වූ මේ තරගාවලියේ පළමු වටයේදී සිය රටේහිම ප්‍රතිවාදී ක්‍රීඩිකා ක්‍රිස්ටීන් ආන් පරාජය කරමින් දෙවැනි වටයට පිවිසි සෙරීනා බෙල්ජියමේ කිරිලෝවා පිරොන්කෝවා සමඟ තරග වැදීමට නියමිතව තිබුණත්, කලක් තිස්සේ වේදනා විඳිමින් සිටින ඇගේ පාදයේ ආබාධය නිසා තරගාවලියෙන් ඉවත්වූ යේ ප්‍රතිවාදී ක්‍රීඩිකාවට ජයග්‍රහණය පිරිනමමිනි.

වසර දෙකක කාලයක් පුරා ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතා දිනා ගත් ක්‍රීඩිකාවගේ වාර්තාව සම කිරීමේ අරමුණින් ක්‍රීඩා කරමින් සිටින 39 හැවිරිදි සෙරීනාට මෙවර ද එම අවස්ථාව අහිමි විය.

‘මම හිතන්නේ මට සති 6ක් පමණ විවේක ගැනීමට සිදු වේවි. අමෙරිකානු විවෘත තරගාවලියට මම ක්‍රීඩා කළෙත් මේ ආබාධය දරාගෙනයි ‘ තරගාවලියෙන් ඉවත් වීමෙන් පසු ඇය මාධ්‍යයට පැවැසුවාය.

‘මම හිතන්නේ නෑ මේ වසරේදි මම තවත් තරගාවලියකට ක්‍රීඩා කිරීමට හැකි වේවි කියලා.‘ ඇය එසේ ද කීවාය.

වසර 2002, 2013 සහ 2015දී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනු සෙරීනා වර්තමානයේ ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ පසුවන්නීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages