කොරෝනා ආදධිතයින් අසරණ කරන ජඩ මාධ්‍ය පිස්සන්ට රජයෙන් අවවාදයක්! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-12

කොරෝනා ආදධිතයින් අසරණ කරන ජඩ මාධ්‍ය පිස්සන්ට රජයෙන් අවවාදයක්!

මේ අවස්ථාවේදී රට තුළ වාර්තා වන Covid 19 වෛරසය ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී  ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ  මෙම පුද්ගලයන්  නිරෝධායනය හෝ රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන ආකාරය, ඔවුන්ගේ නිවාස හෝ ආශ්‍රිත පරිසරය ආදී එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමේ දර්ශන විකාශය කිරීම දිගින් දිගටම සිදුකෙරෙන බව නිරීක්ෂණය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

මෙවැනි දර්ශන විකාශය කිරීම මගින් ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ වැඩපිළිවෙළට ඵලදායි දායකත්වයක් නොලැබෙන බවත්, සිය පෞද්ගලිකත්වයට හානි වන දර්ශන සමාජගත වීමේ අවදානම නිසා යම් පුද්ගලයින් ප්‍රතිකාර හෝ නිරෝධායනය සඳහා ඉදිරිපත් නොවීමේ අවස්ථාවද එළඹී ඇති බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙයි.

ඒ අනුව මින් ඉදිරියට  කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන තැනැත්තන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් පෞද්ගලිකත්වයට හා සමාජ අභිමානයට හානි වන අන්දමේ දර්ශන රූගත කිරීම හෝ විකාශය කිරීමට ක්‍රියා නොකිරීම සඳහා කටයුතු සම්පාදනය කරන මෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මාධ්‍යයෙන් ඉල්ලීමක්  කර ඇත.

සමාජය මෙම උවදුරෙන් මුදවා ගැනීමට සියලු මාධ්‍ය විසින් ලබාදෙන අඛණ්ඩ සක්‍රීය දායකත්වය බෙහෙවින් අගය කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



from රට තොට – Colombo Tribune https://ift.tt/30UfFr6
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages