දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-11

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ්.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. එම පුද්ගලයන්දෙදෙනා දුනගහ, ඉදුරාගාර ප්‍රදේශයේ සහ දිවුලපිටිය, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව හඳුනාගෙන තිබේ.

 

 

මෙම පුද්ගලයන් දෙදෙනා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු සමග කතරගම ප්‍රදේශයේ සංචාරක කර ඇති බවත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයා හට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව දැන ගැනීමෙන් පසු මෙම පුද්ගලයන් දෙදෙනා ගේද PCR පරීක්ෂණය සිදු කර තිබේ. එහිදී එම දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය 04 වන දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 08 සිට පස්වරු 4.30දක්වා කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් අසූවකට ගමන් කොට ඇති බව ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිදරව් කරගෙන තිබේ.

The post දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages