ඇමති ප්‍රසන්න රණවීර, වයඹ සරසවියට ගොස් හමුවූ මහාචාර්යවරයා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-01

ඇමති ප්‍රසන්න රණවීර, වයඹ සරසවියට ගොස් හමුවූ මහාචාර්යවරයා

ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා, මහාචාර්ය සී.ඒ.එන් ප්‍රනාන්දු මහතා මුණගැසීමට වයඹ විශ්ව විද්‍යාලයට පසුගියදා ගොස් ඇත. 
 
ප්‍රනාන්දු මහතා නැනෝ තාක්‍ෂණය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම මහාචාර්යවරයකි. 
 
රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස මහාචාර්යවරයා මුණ ගැසීමට ගොස් ඇත්තේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් මුල්කර ගෙනය. මැටි භාණ්ඩ නිෂ්පාදනයේදී නුතන තාක්ෂණික දැනුම ඔහුගෙන් ලබාගැනීමට සාකච්ඡා කිරීම ඉන් පළමු කාරණය වේ. එම තාක්ෂණික දැනුම සිය අමාත්‍යංශයේ විෂය පථයට අයත් සියළු නිෂ්පාදන සදහා උපයෝගි කරගැනීමට හැකිවන පරිදි අවබෝධතා ගිවිසුමක් විශ්ව විද්‍යාලය සමග අත්සන් කිරීමට කටයුතු සුදානම් කිරීම දෙවැනි කාරණය වේ.
 
මෙම කාරණා දෙකම මහාචාර්ය සී. ඒ. එන් ප්‍රනාන්දු මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සතුටින් භාරගත්තේය. ඔවුන් ඒ පිළිබදව ඒ මොහොතේම ක්‍රියාත්මක වීමට උත්සක වීම අප රටේ කර්මාන්තකරුවන් මෙන්ම ශිල්පීන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages