හොර ලීසිං කොම්පැනි වලට අහුවෙන්න එපා – ලීසිං දෙන්න පුළුවන් මේ සමාගම් වලට විතරයි! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-18

හොර ලීසිං කොම්පැනි වලට අහුවෙන්න එපා – ලීසිං දෙන්න පුළුවන් මේ සමාගම් වලට විතරයි!

2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත යටතේ කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ලැයිස්තුවක් මහ බැංකුව ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මේ අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ලියාපදිංචියකින් තොරව, කල්බදු මූල්‍යකරණ කටයුතු (finance leasing business) පවත්වා ගෙන යාම කල්බදු මූල්‍යකරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වී තිබෙන කල්බදු මූල්‍යකරණ ආයතන ලැයිස්තුවට බලපත්‍රලාභී වාණිජ බැංකු 12ක්, බලපත්‍රලාභී විශේෂිත බැංකු 4ක්, විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් 3ක් සහ බලපත්‍රලාභී මුදල් සමාගම් 39ක් ඇතුළත්ව තිබේ.

කෙසේ වෙතත් බලපත්‍රලාභී මුදල් සමාගම් ලැයිස්තුවේ සිටින කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී ආයතන දෙකට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නව කල්බදු මූල්‍යකරණ ණය පහසුකම් සැලසීම සීමා කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



from රට තොට – Colombo Tribune https://ift.tt/3k9Hq6w
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages