නිරෝධායන නීති උල්ලංඝනය කළ සම්බාහන මධ්‍යස්ථානයක් මීගමුවේ දී වටලයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-18

නිරෝධායන නීති උල්ලංඝනය කළ සම්බාහන මධ්‍යස්ථානයක් මීගමුවේ දී වටලයි

 
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිසි බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මීගමුව පොලිසිය විසින් වටලා තිබේ.
 
මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මීගමුව පොලිස් වසමේ ඇලපාර, පෙරියමුල්ල ප්‍රදේශයේ දී මෙම වැටලිම ඊයේ(17) සවස 04.30ට පමණ සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි. 
 
එහිදී එම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් එම සැකකාරියන් තිදෙනා අවුරුදු 24, 38 හා 45යන වයස්වල පසුවන කටාන, දංකොටුව හා මාතර ප්‍රදේශවල පදිංචිකාරියන්වේ.
 
සැකකාරියන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
මීගමුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages