‘මෝඩීස්’ තොරතුරු දැනගෙනයි අපේ රටේ ණය අවදානම ගැන පූර්වකථනය කරන්නේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

‘මෝඩීස්’ තොරතුරු දැනගෙනයි අපේ රටේ ණය අවදානම ගැන පූර්වකථනය කරන්නේ

අපේ රටේ ආර්ථිකය බලාගෙන සිටියදී කඩාවැටෙමින් තිබෙනවා. ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීමේ කීර්තිමත් ආයතනයක් වන ණය ශ්‍රේණිගත කිරීම් අනුව, ලංකාව B 2 සිට Caa 1 දක්වා පල්ලම් බැහැලා තියෙනවා. මේ අවුරුද්දේ ලංකාවේ එක් පුරවැසියෙක් රු. 37,000කින් දුප්පත් වෙනවායැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය රත්තොටදී පැවැසුවාය.

ලංකාවේ ආර්ථික සමෘද්ධිය ගැන ආණ්ඩුව පම්පෝරි ගහනවා. 2019 අවසන් වෙනකොට ලංකාවේ සමස්ත ආර්ථකයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 84යි. 2020 අවසන් වෙනකොට ලංකාවේ සමස්ත ආර්ථකයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 78ක් දක්වා අඩු වෙනවා .2019 වසරේ, ලංකාවේ ඒක පුද්ගල ආදායම, අමෙරිකානු ඩොලර් 3800යි. 2020 දී එය ඩොලර් 3600 දක්වා, ඩොලර් 200කින් පහත වැටෙනවා. එක පුද්ගලයෙක් ඩොලර් 200 කින් දුප්පත් වෙනවා.

අන්තර්ජාතික ණය වර්ගීකරණය පිළිබඳ MOODY'S ආයතනය මේ කතාව ආර්ථික විද්‍යාවේ භාෂාවෙන් B 2 සිට Caa 1 දක්වා පල්ලම් බස්සලා තියෙනවා. දැන් අප ඉන්නේ, මොසැම්බික්, කියුබාව, බෙලීස්, බාබඩෝස්, වෙනිසියුලාව වගේ රටවල් එක්කයි. එයින් කියවෙන්නේ, ලෝකයේ කිසිම රටක්, සංවිධානයක් අපට තවදුරටත් ණය දෙන්න කැමති වෙන්නේ නෑ. බංකොළොත් තත්ත්වයට පත් වෙමින් තිබෙන රටක් බවට අප පත් වෙනවා කියන එකයි.

මෝඩීස් ආයතනය කියන්නේ වසර 111 ක් පැරණි, ලොව පිළිගත් ජාත්‍යන්තර බැඳුම්කර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්. රටේ ආර්ථික තත්ත්වය, ප්‍රතිපත්ති හා දේශපාලන කරුණු සැලකිල්ලට අරගෙන තමයි ඔවුන් ණය අවදානම ගැන පූර්වකතනය කරන්නේ. මීට කලින්, ලංකාව FITCH RATING ආයනය විසින් පහළ ශ්‍රේණියකට ඇදලා දැම්මා. එයින් රටේ ආර්ථිකය බිඳවැටෙමින් තිබෙන බවට පැහැදිලි අනතුරු ඇඟවීමක් ලෝකයට ලැබුණා.

ලංකාවේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයේ මට්ටමට ළඟාවෙලා තිබෙනවා. අය වැය හිඟය 8% ඉක්මවීමට ආසන්න වෙලා තියෙනවා. රටේ උද්ධමනය පැහැදිලිව පේනවා.

ඉදිරි වසර පහේ ලංකාව ණය හා ණය වාරික විදිහට ඩොලර් බිලියන 4ක් ගෙවිය යුතුයි. ලබන මාසයේ භාණ්ඩාගාරය sovereign bond අමෙරිකානු ඩොලර් බිලියනයක් පියවිය යුතුයි. නව තත්ත්වය යටතේ කිසිවෙකුත් ලංකාවට ණය ආධාර ලබාදීමට ඉදිරිපත් වෙන්නේ නෑ. එයින් රටේ ආර්ථිකය තවදුරටත් ප්‍රපාතයට ඇඳ වැටෙනවා.

ආනයන නතර කිරීම නිසා රටට දිගු කාලීන ගැටලු මතුවිය හැකියි. අප අමෙරිකාව, යුරෝපා සංගමය, එංගලන්තය කියන මෙරට අපනයන ආදායමෙන් 65% කට වැඩි පංගුවක් සම්පාදනය කරන රටවල් සමඟ වෙළෙඳ අරියාදුවක් ඇති කර ගනිමින් සිටිනවා. මෙය දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වෙන්නට පුළුවන් යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරකයෝ එක්ක ගැටෙනවා. නිලධාරීන් කලින් විශ්‍රාම යනවා. එළිපිටම මුදල් අමාත්‍යාංශයේ ලේකම් විවේචනය කරනවා අප දැක්කා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකර චීනය සමඟ ගනුදෙනු කිරීමේ ප්‍රතිඑල අප විදිමින් සිටිනවායැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

උකුවෙල සංචාරක 
ප්‍රියන්ත සුමනසේන

No comments:

Post a Comment

Post Bottom Ad

Pages