මාස්ක් නොදැම්මොත් මීටරේ තියා නොගත්ත‌ොත් හෙට ඉඳන් හිරේ යන්න ලෑස්තිද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-12

මාස්ක් නොදැම්මොත් මීටරේ තියා නොගත්ත‌ොත් හෙට ඉඳන් හිරේ යන්න ලෑස්තිද?

මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි කටයුතු අනිවාර්ය නීතියක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අදාළ නීති මේ වන විටත් කෙටුම්පත් කරමින් ඇති බව ද බොහෝ දුරට හෙට දිනය වන විට මෙම නීති ගැසට් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවද දැනගන්නට ඇත.

මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි කටයුතු අනිවාර්ය නීතියක් බවට පත් වන බවත් ඒවා අනුගමනය නොකරන පුද්ගලයන් වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකි වනු ඇතැයිද ඉන්පසුව අධිකරණයක් හමුවට පමුණුවා රුපියල් 10,000ක දඩ මුදලක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ ඒ දෙකම නියම කළ හැකි බවද වාර්තා වේ.

එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ආයතන ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ට අදාළ වන ලෙස මෙම නීති පනවන බව ද දැනගන්නට ඇත.



from රට තොට – Colombo Tribune https://ift.tt/3iNfHHn
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages