24 C
Colombo
Tuesday, November 24, 2020

මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...
More

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    අද කාලගුණ වාර්තාව

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් (9.3N,84.5E) මුහුදු ප්‍රදේශයේ...

    රජරට අඬහැරය

    25 ජනවාරි, 2020

    බොහෝ කලක් රජුන් රට‍ පාලනය කළ රට ‘රජරටයි’. වැව් බඳවා ගම් ඉදි කිරීමෙන් මීට ‘වැව් බැඳි රාජ්‍යය” යයි ද නම් විය. සිරිලක පුරාම වැව් ඇතැත් ‘වැව් බැඳි රට’ ලෙස පැවසුණේ අනුරාධපුර සහ පොලොන්නරු යුගයන්ට අයත්ව තිබූ නුවර කලාවිය හා තමන්කඩු දෙපළාතම ය. තොටුගම් හා ගොඩරළු ගම්වටය ලෙසින් ද මෑත ඉතිහාසයේ දී නම් කෙරුණු මෙහි පදිංචි ඇත්තන් මේ ලක්දිව සියලු සීහල ඇත්තන්ගේ අක්මුල් ඇති ඥාතීහු ය. රජරටේ අගයැති සිරිත් විරිත් ගුණ යහපත්කම්, කර්මාන්ත, ශිල්ප ශාස්ත්‍ර, සොබා පරිසරික ගැළපුම් සහ සකල විධ කලාවන් සිහිපත් කරමින්, අදට ගළපා ගන්ටත්, පවතින දුක් ගැහැට මඟහරවා ගැනීමටත් යම් ඉඩ හසරක් අඬහැරයෙන් යොදාගනිමු.

    වැහි වරුෂා පද පෙරළුම්

    නමෝ විත්තියටම පහු වුණු දොහේ කඩා හැලුණ මහ වරුෂාව ගැනම ටිකක් දැනුවත් වීම යහපති. හේන් කුඹුරු කරන අපේ ඇත්තන් කන්න කීපයක්ම වැහි නැති අපලයට දැවුණ නිසා වැටුණ වැස්ස ආශිර්වාදයක්මය. “අලුත් වැස්ස” වළං තැලි වැටුණ වැව් පතුලට වැටුණාම මඩ දියේ සැඟවී සිටි කුඩමස්සන් එළි බසියි. මහවැවට හීං වැහි කදුරු (ඇළපත්) ඈදෙන කොට ඒ දිගේ රූටන කූඩමසුන් දඩයම් කරන්නේ රාත්‍රී කාලේ ය. ඒ හිණි හුලු අතු අල්ලා යන “හුලු මහේ” ය‍ෑමයි. එය ද සතුටෙකි. “අලුත් වැස්ස” ට ගහ කොළ ලියලා එළිබහින කොට ඇත්තේ අසීමිත ප්‍රබෝධයෙකි. මේ ඇත්තෝ රට රාජ්‍යයේ සිදු වූ පාලන පෙරළියේ වාසනාවට වැහි වැටුණේ යැයි ද පවසති.

    පසුගිය රට කරවපු ඇත්තන්ගේ මඩගොහුරු සේදුව අලුත් පාලනය ද අලුත් වැස්සක් ලැබුණා සේ දැනෙයි.

    “දේ වෝ වස්සකු කාලේන 
    සස්ස සම්පත්ති හේතුච 
    පීතෝ භවතු ලෝකෝච

    රාජා භවතු ධම්මිකෝ” දහම් පණිවුඩය හැබෑ වූයේය.

    අපේ හොරොව්පතානේ විදාන අත්තා කෙනෙකු අලුත්වැස්ස දැක ඇති අයුරු මනෑව අයියා සටහන් කර තිබුණේ මෙසේ ය.

    “අලුත්වතුර දුඹුරු අඹා වෑ‍බිමට වැතිරෙන්නයි

    අලුත් බතක් එළිබහිනා ජාමය ළං වෙන්නයි”

    වරුෂාව වැඩිවත් බැරි නැතිවත් බැරි, සොබා දහමේ විශිෂ්ටම දායාදයකි. ධාරානිපාත වරුෂාව වැව් අමුණු උතුරුවා ඇළදොළ ගංගා පිටාර ගලා ගේ දොර වතු පිටි ඉඩම් යට කොට සතා සිව්පා ගහකොළ ද මිනිසුන් ද වනසයි. මෙවර යම් පමණකට ඒ හිරිහැර පුරා ගත්තත් ජල කළමනාකාර නිල ඇත්තෝ සහ අපේ ගම්මු එක්ව පාලනය කරගනිති. කන්න පහ වුණ නිසා මැදකන්නක් කිරීමට කටයුතු යොදාගනී‍. “නා කපනා වැහි” වැහි වැටී පොළොව දිගේ ඇඟිලි සෑදී දිය කඳන් නයින් සේ ඇදී යෑමක් හඟවයි. කඳු හෙල් මතට වැටී මිහිකත සලිත කරවා නාය යවන්නේ ද මේ වැහි බරපතළ වීමෙන් ය.

    වැස්සේ වටිනාකම එහි විස්මිත බවයි. සකල ලෝකවාසීන් මෙය දැන තම නිර්මාණ කාව්‍යයන්ට, සකල විධ කලා කෘතීන්ට, කථිකාවන්ට වස්තු බීජ කරගනියි. මහා කවි කාලිදාසයන් දූත ක්‍රියාවේ යොදා ගත්තේ ද මේඝ යයි. “මහ වරුසාවට පසුව නැඟෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි” “මද්දාරමට උඩු ඉඟිලෙන වැහි ලිහිණී” ගැන කීම “මහවැස්සට පෙර” ආදී ගී කාව්‍යය අපේ ප්‍රබුද්ධ ගී පදබැන්දෝ ද එකතු කර ඇත. එසේ වැස්සේ තරම දැන ගමේ ඇත්තෝ ඊට නම් පට බැන්දෝය. යල මහ කන්න දෙක ගොවිතැනට ලැබෙන පළමු වැස්ස “අක්වැස්සයි.” තද වැහි අඩු වී යෑම “වැස්ස සුරුවල්” වීමයි.‍ ඊට “ගෙවෙන වැහි” කියා ද පවසයි. යල මහ මෝසම් දෙක අතර ගෙර විලි හෙණ හඬ සහිතව ලැබෙන්නේ “අසනි වැහිය”‍. වායුගෝලයේ කැලඹිලි, පීඩන නිසා හටගන්නා වැහි අඳුනා ගත්තේ ‘තුන්දා වැහි’ ‘හත්දා වැහි’ වශයෙනි. නත්තල් සමයේ සුළං සමඟ හිමින් පතිත වන්නේ ‘නත්තල් කුණාටු වැහි’ ය. පොසොන්, වෙසක් පෝ ගෙවා වැටෙන වැස්සට නුවර කලාවියේ ඇත්තෝ ‘මළුව සේදෙන වැස්ස’ යැයි පැවසූහ. වසරේ නියං සමය හමාර කරන ඇසළ මාසේදී ‘නිකිණි පාළු වැස්ස’ ‍උදා වෙයි. අපේ ඇත්තන් බක්මහේ අකුණු හැටක් ගහමින් වහින වැස්සට ‘බක් මහ වැහි’ කියති. මේ අවදියේ තල වපුරා ගනී. ඒවා පැළවීමට ‘තල වැහි’ වැටේ. වෙසක්වලට ඒ තල මල් පූජාවට ගනී. පොද පෙනෙන වැහි ‘සිරි සිලි’ ‘චිරි චිරි’ ‘චුරු චුරු’ වැහි ය. මහ මිදුලේ ඇවිදින විට ඇඟිලි අතරින් මඩ මතු වන්නේ මේ වැහිවල සොබාවය නිසාම ය. වැහි වරුෂාව නිසා වැඩ පළකට යා නොදෙන වැහි කාලය ‘වැහි කෝඩය’ ලෙසින් දැක්වෙයි. වැස්සෙන් වැස්ස කඳු රටේදී නිතර දැකිය හැකිය. අපේ ඇත්තෝ ඊට ‘ඇල්ලෙන් ඇල්ල’ වැහි යැයි කීහ. මෙම වැස්ස ‘දුවන වැහි’ ලෙසින් ද හැඳින්වූහ. ඇඟ හිරිගඩු නඟන සීතල වැහි ‘හිරිපොද වැහි’ ය. ‘පිණි පොද වැහි’ ‘තුෂර වැහි’ ලෙසින් ද මේවා හැඳින්වූහ. ‘වැහි කුඩු’ බොහෝ විට උදා කාලේදී වැටෙයි. ශුභ කටයුතුවලදීත් ශෝකාකූල අවස්ථාවලදීත් මොහොතකට ඇද හැලෙන්නේ ‘මල් වැහි’ ය. ඇළ දොළ ගලා වැව් අමුණු පිරෙන පෙර ද සඳහන් කළ ධාරානිපාත වැහි පාදක කර ‘සැමදා නියං එකදා වැහි වලාවේ’ යයි උපහැරණයක් ද තිබේ. මොර ගෙඩි ඇද හැලෙන, දොඹගෙඩි ඇද හැලෙන වැහි ‘මොර සූරන’ ‘දොඹ සූරන’ වැහි ය. ‘අනෝරා වැස්ස’ නො නවතින වැස්සයි‍. ‘කල් වැහි’ ඍවට කන්නයට නියමිත සේ ඇද හැලෙන වැහි ය. බලාපොරොත්තු නැතිව ලැබෙන්නේ ‘අකල් වැස්සයි’. ‘වැහි බීරළුව’ වැස්ස වැටෙන්න ඔන්න මෙන්න තිබියදී අහස දඹගෙඩියක් සේ කළු පැහැ ගැන්වීමයි. නිකිණි පාළු වැස්සට පලු පොතු පිපිරෙන නිසා ‘කඳන්’ ‘කොටන්’ පිපිරෙන වැහි ලෙස ද කියති. ඉර අවරට යන වේලාවට පුරාගන්නේ ‘ඉරගල වැස්සයි’.

    බුද දහමට අනුව කෙලෙස් මතුව උනුන් සතුන් සේ දැක මරාගන්නේ ‘මුරුගසන් වරුෂාව’ට අසුවීමෙන් ය. දෙස් විදෙස් සාහිත්‍යයේ වැස්ස ඇති තරම් භාවිතව ඇත. ජලය රහිතව හා අහසින් නොවැටී කියවෙන වැහි ද තිබේ. හැඟීම් නිසා දෙක පොළ රූ රා වැටෙන ‘කඳුළු වැහි’ ඉන් එකකි. සද්ධර්මරත්නාවලිය වැනි දහම් පොත්වල ‘සද්ධර්ම වරුෂා’ ‍උපමා රූපකව දැක්වේ. සිප වැලඳගැනීම් ජල රහිත ‘හාදු වැහි ය’. යසෝදරාවතේ කවියා

    ‘තෙමා වැටේ මගේ සළු පිළි නෙත් පුරවා 
    අමා රසක් වැනි හිමි සඳ සිහි වෙනවා 
    දමා කුමරු වැඩි යෑමට සිහිවෙනවා

    මෙම හැර ලියෝ ලෙව් තුළ ඇද්ද තවා කීම කීවේද’ කඳුළු වැස්සක් වගුරුවාගෙන ය. තවත් බොහෝ වැහි කතා ඔබ ද දන්නවා ඇත. කෙසේ වුව ද වැස්ස නිවැරැදිව හඳුනා කටයුතු කිරීම කොයි කාගේත් යහපතට හේතු වනු ඇත.

    මාමිනියාවේ ඉලංගසිංහ

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    ඔක්ස්ෆර්ඩ් කොවිඩ් වැක්සිනය සාර්ථක බවට වාර්තාවක්

    බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත, කොරෝනාවට එරෙහිව සියයට 70ක් සාර්ථක මෙන්ම ආරක්‍ෂිත බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.    එම ප්‍රතිඵල නිකුත් වූයේ ඔක්ස්ෆර්ඩ්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.