24 C
Colombo
Tuesday, November 24, 2020

මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...
More

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    හඬා වැටුණු මීගමුවට සහන් එළියක්

    25 ජනවාරි, 2020

    ජනාවබෝධයට පෙබරවාරි 9 දා අවුරුදු 40යි

    එක් දහස් නවසිය හැත්තෑනවයේ දෙසැම්බර් විසි පස්වන දින දහවල් දොළහට, කතෝලික පෙදෙස්වල සාම්ප්‍රදායිකව දැල්වෙන රතිඤ්ඤා මීගමුව මහා වීදියේ, පැරඩයිස් පෙදෙසේ පැල්පත් වාසීන් අතර ද පත්තුවෙන්නට විය. මෙයින් විසිවුණ එක රතිඤ්ඤා කරලක් පැඩරයිස් පෙදෙසේ එක් පැල්පත් පොල් අතු වහලයකට වැටී ඇති වූ ගින්න නතර වූයේ අවට වූ පැල්පත් රාශියක් ම අළු බවට පත්කරමිනි. පැල්පත් විනාශ වූ සමහරු අසල පිහිටි තාවකාලික ලැගුම් හල්වල ලැඟුම් ගත්හ.

    මීගමුව පමණක් නොව, බොහෝ පෙදෙස්වල ධීවරයෝ තමන් පදිංචි ගමේ පල්ලිය හා සමීප සම්බන්ධකම් ඇත්තෝ වූහ. ඔවුන්ගේ ජීවිතයේ දුක සැප නිරන්තරයෙන් පල්ලිය හා සම්බන්ධව පැවතුණි. මීගමුව, පැරඩයිස් පෙදෙසේ පැල්පත් වාසීන් ද තමන්ගේ දුක කියාපෑමට දිවගියේ මහවීදිය සාන්ත මරියා දෙව් මැදුරේ පාලකයා වූ ගරු අයිවන් පෙරේරා පියතුමා වෙතය.

    මීගමුව පැරඩයිස් පෙදෙසේ වැඩි දෙනා ධීවර කර්මාන්තයෙහි නිරත වූ අය වූහ. රජයේ පාර්ශ්වයෙන් මෙම ධීවරයින් පිළිබඳව ධීවර දෙපාර්තමේන්තුවට කිසියම් වගකීමක් ඇත. එවකට ධීවර ඇමැතිවරයා වූයේ වෙන්නප්පුව මන්ත්‍රී පෙස්ටස් පෙරේරාය. අයිවන් පෙරේරා පියතුමා සිද්ධිය පිළිබඳ ධීවර ඇමැතිවරයා දැනුවත් කළේය.

    ගින්නට විනාශවී ගිය නිවාසවලින් නිවාස හැත්තෑවක් ධීවර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ඉදිකරන ලදී. එහෙත් ගින්නෙන් විනාශ වූ පැල්පත් හයක් ඉදිකිරීමට එහි ඉඩකඩ මදි විය. පැල්පත් වශයෙන් ඉඳිවී තිබුණාට ධීවර දෙපාර්තමේන්තුවෙන් නිවාස ඉදිකිරීමේදී නිවාස අතර කිසියම් පරතරයක් තබා ඉඳිකළ යුතු විය.

    නිවාස අහිමි වූ පවුල් හයේ පිරිස් මහ වීදියේ පල්ලියට පැමිණ, තමන්ට ද නිවාස ලබා දෙන ලෙස අයිවන් පෙරේරා පියතුමා අයදින්නට වූහ.

    ඒ අවදියේ, මීගමුව දිසාවේ මානව සංවර්ධන කටයුතු භාර වූයේ සරත් ඉද්දමල්ගොඩ පියතුමාට. එතුමා එවකට කටුනායක මීසම් සේවක පියතුමා විය. අයිවන් පෙරේරා පියතුමා සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ට ද සිද්ධිය පිළබඳව දැනුම් දෙන ලදි.

    “ඔය ගොල්ල වගේ තමන්ට කියල නිවසක් ඉඩමක් නැති අය මීගමුවෙ තවත් ඇති‍නේ. ඒ අයත් එකතු කරගන්න.” සරත් ඉද්දමල්ගොඩ පියතුමා පිරිසට පැවසීය.

    ගිනිබත් වූ නිවාසවලින් ඉතිරි වූ හය දෙනාට, මහ වීදියේ ඉඩම් නොමැති පිරිස් මුලින් ම එකතු විය. පසුව කාමච්චෝඩය, වැල්ලවීදිය, මුන්නක්කරය, තිල්ලන්දූව පෙදෙස්වල ජනතාව ද එකතු විය.

    පසුව තමන් පදිංචි ප්‍රදේශයේ නම මූලික කරගෙන ඉඩම් නොමැති සංගම් බිහි කර ගනිමින් මීගමුවේ ඉඩම් නොමැති අයගේ සංගම් දොළහක් පමණ බිහිවී තිබුණි.

    මේ කාලය වන විට මෙම කණ්ඩායමට මඟ පෙන්වීමේ කාර්යය භාරව තිබුණෙ සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ටය. එතුමාගේ සහයට තවත් තිදෙනෙකු සම්බන්ධ විය. සරත් ඉද්දමල්ගොඩ පියතුමා තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ වැඩ බලන උපාධ්‍යය වශයෙන් කටයුතු කරද්දී මෙම තිදෙනා හඳුනාගෙන තිබුණි. ඔවුන් තිදෙනා ද තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ ක්‍රියාකාරින්ව සිටි අය වූහ.

    නොයෙල් ක්‍රිස්ටීන් පැවිදි සොයුරිය දයාවේ නිකා‍ෙය් පැවිදි සොහොයුරියක වූ අතර තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ කාන්තා අංශයෙහි කටයුතු භාර වූයේ ඇයටය. තමන්ගේ දූතික කාර්යය භාරය තුළ සාම්ප්‍රදායී මතයන්ගෙන් දුරස්ථ එක්තරා අන්දමේ විප්ලවකාරී පැවිදි සොයුරියගේ චරිතයට හිමිකම් පෑවාය.

    තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයට සම්බන්ධව සිට පසුව කිතුණු ගුරු එකමුතුවේ ක්‍රියාකාරිකයකු වූ වි. ලෙරින්ස් පීරිස් පියතුමන් කණ්ඩායමට එකතු වූ අනික් පුද්ගලයා විය. ලෙරින්ස් පියතුමා සමාජය දෙස මේරූ ඇසකින් බැලීමටත් ජේසු සුපුවත අපේ දේශය තුළ යථාර්ථවත් කිරීමටත් වෙහෙස දැරූ අයෙකු විය.

    ඔවුන් අතරට එක්වූ අනික් පුද්ගලයා මීගමුව මුන්නක්කරය ධීවර පවුලකින් පැවත ආ ක්‍රිස්ටෝපර් වර්ණකුලසූරිය ය. කලක් යුද හමුදාවේ සේවයෙහි නිරතව සිටි ක්‍රිස්ටෝපර් හැත්තෑ එක කැරැල්ල සමයේ චෝදනා ලැබ, වසර කීපයක් බන්ධනාගාරගතව සිටි අයෙකු විය. බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි ක්‍රිස්ටෝපර්, සික්ටස් කුරුකුලසූරිය පියතුමා සමඟ එක්ව තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ සේවය කළේය.

    මෙලෙස එක්වූ පිරිස් සිංහල කතෝලිකයන් පමණක් නොවූහ. බෞද්ධයන්, හින්දු භක්තිකයන් මෙන්ම, ඉස්ලාම් භක්තිකයන් ද ඉඩම් අහිමිවූවන්ගේ සමිතිවල වූහ. මෙලෙස එක්වූ පිරිස් තමන්ගේ ගැටලු ගැන සාකච්ඡා කරන්නට වූහ.

    පවුල් එක්දහස් පන්සියයකට අයත්වූ ඉඩම් අහිමි වූවන්ගේ සමිති පහළොවකට අයත් පිරිස් මීගමු ජනතා ඒකාබද්ධ සංවිධානය යනුවෙන් හඳුනාගන්නට වූහ.

    මේ සංවිධානයට විවිධ ආගම් අදහන පුද්ගලයින් ඇතුළත්ව සිටි නිසා එම ආගම් නි‍යෝජනය වන පරිදි අනුශාසක මණ්ඩලයක් පත්කර ගැනීම කළ යුතු විය. දැවමොට්ටාවේ සාශනවංශ හිමි, ඒ.එම්.එම්. ලුතුෆාමව්ලවි, ගරු නඩරාජා සරවනා සහ සරත් ඉද්දමල්ගොඩ පියතුමා ආරම්භක අනුශාසකවරු වූහ.

    සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු සතර දෙනාගේ කණ්ඩායම, හැඳින්වීමට නමක් නොවීය. කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටියදී තමන්ව හඳුන්වාදීමට ඔවුන්ට නමක් අවශ්‍ය විය. ජනතාව දැනුම්වත් කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස එය කටයුතු කළ නිසා “ජනාවබෝධය” කේන්ද්‍රය යනුවෙන් එය හඳුන්වන්නට විය.

    අසාධාරණත්වයෙන් තොරව සෑම මිනිසෙකුට ම සාධාරණත්වය ඉටුවන, භීෂණය සහ හිංසනයෙන් තොර යුක්තිගරුක, සාමකාමී නිදහස් දේශපාලන වාතාවරණයක් සහිත සමාජ පරිසරයක් ගොඩනඟා ගැනීමට ජනතාවට සහායවීම ආරම්භයේ පටන් ජනාවබෝධ කේන්ද්‍රයෙහි දූතික සේවාව විය.

    තමන් හා කටයුතු කරන ජනතාවගේ සහභාගීත්වයේ ප්‍රධාන අරමුණ වූයේ තමන්ටමය කියා නිවසක් ඉදිකර ගැනීමය.

    මෙහිදී ජනාවබෝධය කේන්ද්‍රය ප්‍රථමයෙන් ම මීගමුව මුන්නක්කරය ධීවර ගම්මානයේ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකි විය. පවුල් තුන්දහසකට අධික පිරිසක් ජීවත් වූ මුන්නක්කරයහි බොහෝ පිරිස් පදිංචිව සිටියේ කලපුව ආසන්නයේ තාවකාලික පොල් අතු පැල්පත්වලය.

    එක්දහස් නවසිය හැත්තෑ හත මැතිවරණ අවස්ථාවේ ආර්. ප්‍රේමදාස සෑම මැතිවරණ කොට්ඨාසයකටම නිවාස තිහක නිවාස ව්‍යාපෘතියක් ලබාදෙන බවට පොරොන්දුවක් දී තිබුණි. එම මැතිවරණ ජයග්‍රහණයෙන් ආර්. ප්‍රේමදාස නිවාස ඇමතිවරයා බවට පත් විය. මුන්නක්කරය පැල්පත් වාසීන් මීගමුව මන්ත්‍රී ඩෙන්සෙල් ප්‍රනාන්දු සමඟ නිවාස ඇමතිවරයා මුණගැසී තමන්ගේ අවශ්‍යතාවය දැන්වූහ. ඒ අනුව ආර්. ප්‍රේමදාසගේ මැතිවරණ පොරොන්දුව අනව ලංකාවේ ප්‍රථම නිවාස ව්‍යාපෘතිය මුන්නක්කරය ධීවර ගම්මානයට ලැබුණි. නිවාස සංවර්ධන අධිකාරියෙන් එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් විසිපන් දහසක මුදලක් ලබාදෙන ලද අතර එම මුදලින් කාමර දෙකක් සාලයක් සහ වැසිකිළියක් සහිත නිවසක් ඉඳිකර ගන්නා ලදි. 

    කතෝලික සභාව විසින් මුන්නක්කරය ධීවර ජනතාව සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අක්කර පහක බිම් පෙදෙසක්, මීගමුව මහ නගර සභාවට පවරා දී තිබුණි. වසර ගණනාවක් යනතුරු එහි නිවාස ව්‍යාපෘතියක් මීගමුව මහ නගර සභාවෙන් ක්‍රියාත්මක කර නොතිබුණි. මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයෙහි මෙහෙයවීම මත මුන්නක්කරය ඉඩම් නොමැති ජනතාව එම ඉඩම් ආපසු ලබාගෙන පර්චස් හත බැගින් කොටස්කර, සෑම නිවසකටම පුළුල් මාර්ග පද්ධතියක් ලැබෙන ලෙස කට්ටිකරන ලදි. ජනාව‍බෝධ කේන්ද්‍රයෙහි සහාය මඟින් මෙහි නිවාස හැට හතක් ඉඳිවිය. මෙලෙස නිවාස ව්‍යාපෘති හයක් යටතේ මුන්නක්කරය නිවාස 400ක් ඉඳිවිය.

    පැරඩයිස් පෙදෙසේ ගින්නෙන් විනාශ වී, නිවාස නොලැබුණ පවුල් හය සමඟ එකතු වූ මීගමුව ඉඩම් නොමැති ජනතාව තමන්ට නිවාසයක් ඉඳිකර ගැනීම සඳහා රජය සතු හිස් ඉඩම් පිළිබඳ විමසිලිමත් වූහ.

    එහිදී ඔවුනට මීගමුව කඩොල් කැලේ ඉඩම්යාය පිළිබඳව දැනගන්නට ලැබුණි. මහ කොළඹ ආර්ථික කොමිසම සතුවූ එම ඉඩම වෙන්කර තිබුණේ විදේශ ආයෝජකයන් සඳහා සුඛෝපභෝගි නිවාස සංකීරණයක් ඉඳිකිරීමටය.

    “මීගමුවේ ඉඩම් මීගමුව ඉඩම් නොමැති ඉනතාවට හිමිවිය යුතුය” මීගමුව ඉඩම් නොමැති ජනතා සංවිධානය උද්ඝෝෂණය කරන්නට වූශ. ජනාව‍බෝධ කේන්ද්‍රයෙහි සංවිධානත්වය යටතේ සිදුවූ එම උද්ඝෝෂණවලින් ප්‍රතිඵල ලැබුණි.

    එක්දහස් නවසිය අසූපහ ‍වසරේදී, මීගමුව කඩොල්කැලේ ඉඩමෙන් අක්කර හැත්තෑ හතක ප්‍රමාණයක් අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ඉඳිකිරීමට වෙන් කෙරුණි. එහි මුල් අදියර යටතේ පර්චස් හත බැගින්, බිම් කොටස් දෙසිය විසිපහක් ධීවරයින් හට බෙදා දෙන ලදි. මෙලෙස අදියර කීපයක් යටතේ කඩොල් කැලේ නිවාස හයසියයක් ඉඳිකිරීමට ජනතාව පෙළ ගැස්වීමට ජනාවබෝධ කේන්ද්‍රයට හැකි විය.

    එයට අමතරව කිඹුලාපිටිය පත්නායම් වත්ත නිවාස විස්සක් ඉඳිකර දීමට ජනාව‍බෝධ කේන්ද්‍රයට හැකි විය.

    ජනතා බලය ගැන විශ්වාස කළ ජනාවබෝධ කේන්ද්‍රය ජනතා බලය ඇති කිරීම සඳහා නිරන්තයෙන් කටයුතු කළේය. එහිදී කිසිම දේශපාලන පක්ෂයකට ගැතිකම් පෑවේ නැත.

    “මුල් කාලයේ මීගමුව ධීවර ගම්මානවල තියෙන අන්ත දූප්පත්කම මම දැක්කා. එහිදී අපගේ ආගමික වත් පිළිවෙත්වල නිරර්තකත්වය දැක්කා. මේ මිනිස්සුන්ට උදව් කරන්න බැරි ආගමික වත් පිළිවෙත් වලින් ඇති ප්‍රයෝජනය මොකක්ද කියල මට හිතුණා.” ජනාවබෝධ කේන්ද්‍රය ආරම්භ කිරීමට හේතු වූ කරුණු පිළිබඳව ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා අදහස් දක්වන්නේ එසේය.

    එතුමා වැඩිදුරටත් පවසන්නේ ක්‍රිස්තියානි පූජකවරය ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුව සිදුවිය යුතු විය. ජේසුතුමා පැවසුවේ තමන් පැමිණියේ සේවය ලැබීමට නොව සේවය කිරීමට බවය. එනිසා සැබෑ කිතුණු පූජකවරයකු සේවය කරන්නෙක් විය යුතුය.

    ජනතා අරගලවලදී තමන් සහ ජනාව‍බෝධ කේන්ද්‍රයෙහි සහභාගීත්වය ගැන ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා දරන්නේ එවැනි මතයකි.

    පීටර් කැනියුට් පෙරේරා

    Latest Posts

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

    අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   නිරෝධායන...

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.